Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"මිනිස්සු මං ගැන දක්වන ආදරය බැලුවාම මටත් මගේ ජීවිතයට ආදරයක් හිතෙනවා.." - ලලිත් ඇතුලත්මුදලි කියූ කතා

- "මිනිස්සු මං ගැන දක්වන ආදරය බැලුවාම මටත් මගේ ජීවිතයට ආදරයක් හිතෙනවා.." - ලලිත් ඇතුලත්මුදලි කියූ කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,151 Views
"මිනිසුන්ට ඇත්ත කියන්න. බොරු කියන්න එපා.."

"බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතයත් මරණයත් අතර කල් ගෙව්වා.."

කොතරම් කාර්ය බහුල වුව ද ශ්‍රීමනී ගේ උපන් දිනය, විවාහ සංවත්සරය, දියණියගේ උපන් දිනය ඔහුට අමතක නොවේ. අම්මාගේත්, දුවගේත් උපන් දිනය දාට ලලිත් ගෙන් ආසිරි පතක් තැපෑලෙන් ලැබෙන්නේය. එය නියමිත දා ලැබෙන්නට කල් ඇතිව තැපැල් කරවීම ඔහු නොවැරදීම කරයි. ශ්‍රීමනී ගේ උපන් දිනයට මල් කලඹක් ගෙනැවිත් දෙයි.

නිවසේ දී අත්විඳින අස්වැසිල්ලත්, සාමකාමී සහජීවනයෙන් සපිරි ගෘහ ජීවිතයත් ලලිත්ගේ ජීවිතයේ සමබර පැවැත්මට ආශීර්වාදයක් හා ආනන්දයක් එක් කළේය. හේ ප්‍රතිපත්තියක් වශයෙන්ම වාගේ දේශපාලන පුවත් හා තීරණ පිළිබඳව ශ්‍රීමනී සමග කතා නොකරයි. සෑම තැන්හිදීම මිනිසුන් ඔහුගෙන් දේශපාලන කරුණු පිළිබඳව විමසිලිමත් වන පසුබිමක දී වැඩකටයුතු රාශියක් යෙදී ගෙදරට පැමිණෙන ලලිත්ගෙන් තවදුරටත් දේශපාලනය ගැනම විමසා ඔහු වෙහෙසවන්නට ඇය අකැමැතිය. ඇය දියණිය හා තමා පිළිබඳ පුවත් ඔහුගේ සවන්පත් කළ ද දේශපාලනය පිළිබඳ නොවිමසන්නීය. අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සමග වේවා, දේශපාලන සගයන් සමග වේවා ඇගේ සබඳතාව දුරස්ථ ස්වරූපයක් ගනී. එබැවින්ම සෙසු දේශපාලනඥයින් විෂයයෙහි බහුල වශයෙන් සිදුවන පරිදි දේශපාලන ලෝකයට බිරිඳගේ ඇඟිලිගැසීම් හා මැදිහත්වීම් සිදු නොවන්නේය. ඉතා කලාතුරකින් ඇයගෙන් කෙරෙන නිල මට්ටමේ ඉල්ලීමක් වුව සපිරෙන්නේ නීති රීතිවලට අනුකූලවන ප්‍රමාණයෙනි.

ශ්‍රීමනී මුල්වරට ලලිත්ගේ දේශපාලන ජීවිතය හා එක්ව කටයුතු කළේ 1989 මහ මැතිවරණයේදීය. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ව්‍යාපාරයේ දී භාවිත කළ ලලිත්ගේ ඡායාරූප අතුරින් බහුතරය ශ්‍රීමනී ගේ කැමරා ඇසට ලක් වූ ඒවාය. ඒ හැරුණු විට ඇය පැල්පත් හා මුඩුක්කුවලින් ගහන පෙදෙස්හි ප්‍රචාරක කටයුතුවලට ද සහභාගි වූවාය. එම අවස්ථාවෙහි ඇය ඡන්ද ‍පොරොන්දු දීමෙන් සපුරා වැළකුණු අතර ජනතාවගේ ප්‍රශ්න ලලිත්ගේ අවධානයට යොමු කරන බව පමණක් ප්‍රකාශ කළාය.

‘මිනිසුන්ට ඇත්ත කියන්න. බොරු නොකියන්න’ යන්න සිය සහායට ඉදිරිපත් වූ බිරිඳට ලලිත් දුන් උපදේශයයි.

ශ්‍රීමනීගේ හා ශරලාගේ ලෝකයට හෙණයක් සේ අහසින් පතිත දැවැන්ත කම්පනය වූ කලී 1987 අගෝස්තු 18 වැනි දින පාර්ලිමේන්තු ගොඩනැගිල්‍ලේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ලලිත් ලද බෝම්බ ප්‍රහාරයයි.

ඒ පුවත සැල වූ සැණින් ජයවර්ධනපුර රෝහලට ගිය ශ්‍රීමනී, දුක වාවාගත නොහී හඬා වැලපුණ ද, ඇය ගෙදර අවුත් දැරියට පෙනෙන්නට කඳුළු නොසැලුවාය. තාත්තා පාර්ලිමේන්තුවේ දී පුටුවකින් වැටී තුවාල වී සිටින බව පමණි ඇය ශරලාට පැවසුවේ. ඔහුගේ උණුසුම නොලද ඒ සති කිහිපයේ දියණිය මලානිකව හුන්නාය. සැත්කම් නිමා වී ඔහු සුව අතට පත්වන විට දියණිය ද කැටිව රෝහලට ගිය ශ්‍රීමනී දුටුවේ ඔහු රනිල් වික්‍රමසිංහ ඇමැතිතුමා සමග පාර්ලිමේන්තු බෝම්බය පිළිබඳ ටයිම් සඟරාවෙහි පළ වූ පුවතක් කියවමින් සිටි අයුරුයි. ජයවර්ධනපුර රෝහ‍ලේ ජනාධිපතිතුමන් සඳහා විශේෂයෙන් වෙන් කර තිබෙන කුටියෙහි ඔහු නැවතී සිටිය දී ශ්‍රීමනී, ශරලා ද කැටිව එහි ගියාය.

දිනක් ලලිත් වෙනදා මෙන් සයනත වැතිර නොසිට අසල වූ පුටුවක් මත වාඩි වී සිටිනු දුටු ශරලා තාත්තා සුවපත් ව සිටින බවක් හැඟී වෙනදා නැති ප්‍රබෝධයකින් ඔහු ගතෙහි වෙලෙන්නට වූවාය. දියණියගේ මැලවුණ මුහුණ සොම්නසින් ඔකඳව තිබෙන සැටි දුටු ශ්‍රීමනී මහත් අස්වැසිල්ලක් ලද්දීය.

මරණයේ දොරටුවට ගොස් ආපසු හැරී ආ ලලිත් ගෙදර එන දවසේ ශ්‍රීමනී සිඟිති දියණිය ද පුංචි පුංචි වැඩවලට හවුල් කර ගනිමින් කේක් හදා තිබිණි. ඔහු බිරිඳ හා දියණිය සමග විවේකයක් ගත කරන්නට නුවරඑළියට හා දියතලාවට ගියේ සති කිහිපයක් සිය නිල නිවසෙහි ගත කළ පසුවය. නුවරඑළියේ සහ දියතලාවේ ගත කළ මසක පමණ කාලය අම්මාටත්, දුවටත්, කළු වලා කෙරෙන් මතු වූ රිදී රේඛාවක් සේ දැනෙන්නට ඇත. දිවයිනේ සිව් දිගින් මතු වූ ජනතා ආදරයත්, සෙත්පතා සුබපතා ලැබුණු ලිපි කන්දරාවත් ඔහුට එතුවක් නොහැඟුණු තරම් සමීපව ජනතා සෙනෙහසේ සුවඳ දැනවීය. ඇතැම් ලිපි කියැවූ කල්හි ලලිත් ගේ රෝගී ගතිය මුළුමනින්ම පහවී දෑස අමුතු කාන්තියකින් දිදුලන්නට විය. කෙමෙන් කෙමෙන්  ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙද්දී ශ්‍රීමනීත් ශරලාත් සිය උණුසුමෙන් ඔහුගේ සිත වඩාත් සුවපත් කළහ.

“ශ්‍රීමනී මිනිස්සු මං ගැන දක්වන ආදරය බැලුවාම මටත් මගේ ජීවිතයට ආදරයක් හිතෙනවා. ඒ උදවිය වෙනුවෙන් මට මගේ යුතුකම් ඉෂ්ට කරන එකයි මගේ හිතට දැනෙන ලොකුම බර.”

නුවරඑළිය ජනාධිපති මන්දිරයෙහි විසිතුරු මල්වත්තේ එළිමහන් පුටුවක හිඳ තමනට ලැබුණු ලිපි එකිනෙක කියවමින් හුන් ලලිත් බිරිඳට කීය. ඔහුට ජනතාව කොපමණ ආදරය කරත්දැයි යන හැඟුම ඇය සිත්හි ජනිත කළේ සුඛාස්වාදයකි. තමන් අසරණව කම්පිතව කඳුළින් පසු වූ කාලයේ ඔහුට ආදරය කළ මිනිසුන් ගැහැනුන් කී දෙනකුගේ දෑස් අගින් කඳුළු වැගිරුණාද? ඇය ඔහු බලා රෝහ‍ලේ සිට එද්දී ඔහුට සෙත් පතා පත්වන බෝධිපූජා කීයක් දැක ඇද්ද?

සැබෑ ජනතා ආදරය නම් මේ යැයි ශ්‍රීමනීගේ හද ස්පර්ශ කළේ එම ඛිෙදනීය අත්දැකීමයි.

ඔහුගේ දුක වේදනාව දැක මිනිසුන්ගේ හද කම්පිත වූ පරිද්දෙන්ම මිනිසුන්ගේ දුක් වේදනා ඔහුගේ සිත ද කම්පාවට පත් කරයි. ලලිත් බොහෝ හැඟීම් සංවේදනා පිටතට නොපෙන්වා අකම්පිතව සඟවා ගන්නට සමත් වුව ද ඇතැම් විටෙක ඔහුගේ දෑස කඳුළු උල්පතක් වූ සැටි ශ්‍රීමනී දැක තිබේ. විදුහල් ක්‍රීඩා පිටියේ දී පන්දු පහරක් වැදී මියගිය අලස් පුත්‍රයාගේ මරණයත්, පස් මසකින් අපරිණතව අකාලයේ සිදු වූ සිය ‍ලේ කිරිකැටි බිලිඳු පුතුගේ දරු උපතත් එබඳු අවස්ථාය. අතුරුදන්ව මියගිය දේශපාලන සගයන් පිළිබඳ දුක්මුසු පුවත් ද ලලිත් බෙහෙවින් කම්පාවට පත් කළ බව ශ්‍රීමනීට මතකය.

ලලිත්ගේ මනෝභාවයන් කවරෙක් දැයි ඔහුගේ මුහුණේ ඉරියව්වලින් අවබෝධ කර ගැනීමට ශ්‍රීමනීට මෙන්ම ශරලාට ද පිළිවන. ඔහු බලවත් ශෝකයේ දී ද කෝපයේ දී දැඩි සේ නිශ්චලය. නිශ්ශබ්දය. ඔහු කෝප ගැන්වෙන්නේ කලාතුරකිනි. ඔහු කෝපයෙන් සිටින බවක් මුහුණේ ඉරියව්වලින් හැඟුණොත් ශ්‍රීමනීත් ශරලාත් මගහැර වෙනතක යති.

ඔහුට ගෙදරදොර පිළිවෙළ අවශ්‍ය ය. ඇඳුම් පැලඳුම්වල ගැළපීම වුවමනා කරයි. දින කිහිපයක් නිවෙසින් බැහැරව සිටින ගමනට සූදානම් වන කල්හි ඇඳුම් බෑගය ශ්‍රීමනී අතින් හෝ සේවිකාවක අතින් හෝ පිළියෙල වෙයි. ගෙදරදී කෑම බිම පිළිබඳව පාලනයක් ඇතිව දැඩි ආහාර විනයකට යටත්ව සිටින ලලිත් පිටත දී කටබඩ පුරා ආහාර ගන්නා විටෙක ශ්‍රීමනීට සිහිවන්නේ ඔහු පවසන කරුණකි.

“ගෙදර දී හොඳ පාලනයක් තියෙනවා නම් පිටත දී ටිකක් වැඩිපුර කෑවට කමක් නෑ.”

ගෙදර පිළිවෙළ සමගත බව අත්‍යවශ්‍ය වුවත් ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයේ දී අනුවර්තනය වීමට ඔහුට පිළිවන. කොළඹ නගරයේ පෞද්ගලික නිවාස හිමි රජයේ ඇමැතිවරුන් සිය නිල නිවාසවලින් ඉවත් විය යුතු බවට ජනාධිපති ප්‍රේමදාස ගත් තීරණය පරිදි ලලිත් ද ස්ටැන්මෝ චන්ද්‍රවංකයෙහි අංක 12 බි දරන නිවෙසින් ඉවත් වී චාල්ස් මාවතෙහි තමනට හිමි කුඩා නිවෙසෙහි පදිංචියට ආවේය. ලලිත් ‍පොල්හේන්ගොඩ මල්ලිගේ ගෙදර සිට ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිල නිවෙසට ගියේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපැයීමට නොහැකි හෙයින් ආරක්ෂක කලාපයට පැමිණෙන ලෙස ආරක්ෂක අංශ කළ දැන්වීමත්, එවක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා කළ බලවත් ඉල්ලීමත් නිසාය. චාල්ස් මාවතේ කුඩා නිවසේ ඔහුගේ කාර්යාලයක් සඳහාවත් ප්‍රමාණවත් ඉඩකඩ නොවීය. එහි ඉඩකඩ හා බඩු මුට්ටු අනුව ලලිත්ට තබාගත හැකි වූයේ කුඩා ලියන මේසයකි. අමුත්තන් හමුවන තැනක් ද නොවීය. සෑම අවස්ථාවකම ඔහු අමුත්තන් මුණ ගැසුණේ නිවෙසින් බැහැරවය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ කිසිවකින් කම්පා වූයේ නැත. ඔහුට අවස්ථාවට හා කාලයට අනුව අනුවර්තනය වීමට පිළිවන්කම ලැබි තිබිණ.

ලලිත් බල්ලන්ට හා බළලුන්ට වැඩි මනාපයක් නැති බව යට කියන ලදී. ශ්‍රීමනී ස්විට්සර්ලන්තයේ සිට එද්දී ගෙනා ‘ෂෙහාකා’ බැල්ල මවගේ නිවෙසට පිටත් කරන ලදුව ටික දිනකින් මියගියාය.

එහෙත් 1989 මහ මැතිවරණයේ දී ලංකාවේ වැඩිම මනාප ඡන්ද ලබාගත් අමාත්‍යවරයා ගෙදර දි එක් වැඩි ඡන්දයකින් පරාජයට පත් විය. බළල් පැටවකු ගෙන ඒමට ශරලා දැක්වූ ආසාවට අම්මාගේ ද දියණියගේ ද මනාප එක්වීමෙන් සන්ධානයක් හැදී තිබුණි. විරුද්ධව තිබුණේ ලලිත්ගේ ඡන්දය පමණි. ගෙදරට බළල් පැටවකු ගෙනෙන ලදී.

බළලාට ගෙදර දේශසීමා ඇත. ඉඳහිට සුරතලාත්, ගෘහ මූලිකයාත් අතර දේශසීමා අරගල ඇති විය. ලලිත්ගේ කාමරය බළලාට තහනම් ප්‍රදේශයකි. ස්වාමියා තමා නුරුස්නා බව බළලා ද දන්නා සෙයකි. ‘බළල් ප්‍රශ්නය’ මුල දී හේ දියණියගෙන් මෙසේ විචාළේය.

“දුවට මම ද ඕනෑ? බළලා ද ඕනෑ? තාත්තා නැතිව බළලා ඕනෑද? බළලා නැතිව තාත්තා ඉන්නද?”

“මට බළලා ඕනෑ” ශරලා කීවාය.

බළලාත්, ගෘහ මූලිකයාත් ඔවුනොවුන්ගේ දේශසීමා දැන හැඳින සමාදානයෙන් කල් ගෙවන්නට වූහ.

ලලිත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන් වෙනුවෙන් ඔහු කැප කරන කාලය වැඩි වෙද්දී වැඩි වන කාල වේගයට සමානුපාතිකව ශරලා ගේ ලෝකයට වැය වූ කාලය අඩු වී තිබිණ. ශරලා ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියක් අවුලා ගෙන විත් සිය මවට ගෙනහැර පෑවාය.

‘නොසලකා හරිනු නොලැබිමේ අයිතිය’ යන්න එහි ප්‍රථම අංකය වශයෙන් මුද්‍රිතව පැවතිණි. ලලිත් ගේ ලෝකය දිග හැරෙද්දී ශරලාගේත්, ශ්‍රීමනීගේත් ලෝකය තුළ ඔහු ගෙවන කාලය හීන වී යයි. එහෙත් දිනෙන් දින පුළුල් වන ඔහුගේ ලෝකය ශ්‍රීමනී බඳු කාන්තාවන් හා ශරලා වැනි දූ දැරියන් සහස් ගණනකට ද අනාගත පරම්පරා ගණනාවකට ද දිග හැරෙන ලෝකයකි.

උපුටා ගැනීමක්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,972 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,531 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,079 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,508 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,713 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,831 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,727 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,710 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,845 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,017 Downloads



Top 10 Commenters

Latest Comments

Top