Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"ඒ ගැහැණු ළමයා නැති වුණු දුකට මගේ ජිවිතේ නැති වෙයි කියලා දෙමාපියන් හිතුවා.." - ජොලී සීයා

- "ඒ ගැහැණු ළමයා නැති වුණු දුකට මගේ ජිවිතේ නැති වෙයි කියලා දෙමාපියන් හිතුවා.." - ජොලී සීයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,141 Views
"ඇගලුම් කර්මාන්ත ශාලාවක රැකියාවකට යනවා.."

"එයාට අවුරුදු 17 යි. මම නෑකමට මාමා කෙනෙක්.."

"ළඟකදී ඉදල එයා වෙනස්‌වෙලා.."
 
එදත් අදත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් ලෙස ජොලි සියාව හදුන්වා දෙන්න පුළුවන්. ජොලි සියා කියලා කවුරුත් හැදින්වුවාට ඔහුගේ ඇත්තම නම චන්දු ද සිල්වා. චන්දු ද සිල්වා කියලා දන්නේ නැති අය බොහෝ හිටියාට ජොලි සියාව නම් නොදන්නා කෙනෙක් නැහැ. මේ ඔහුගේ ආදරේ ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

අතීතයේ හා හා පුරා කියල ආදර හිතක්‌ පහළවුණ දවස මතකද ?
මම මුලින්ම ගියේ පිල්ලවත්ත මහා විද්‍යාලයට. ඊට පස්‌සේ දැවමොට්‌ටාව ඉස්‌කෝලෙන් එම්. සී. ජී. පාස්‌වෙලා එච්. එස්‌. සී. කරන්න ආඬිඅම්බලම මහ විද්‍යාලයට ඇතුළු වෙනවා. ඔන්න ඔය කාලෙ මගේ හිත ගිය ගැහැණු ළමයි කිහිප දෙනෙක්‌ම හිටියා. ඒත් ඒ ආදරයන් හිතේ තිබුණා විතරයි.

ඇයි ආදරය ප්‍රකාශ කරන්න බයවුණේ ?
බයක්‌ කියන්නත් බැහැ. ඒ කාලේ අපි හරිම ලැජ්ජයි. ඔය ආදර කතාවලට ඉස්‌සර වෙන්න තරම් එඩිතර බවක්‌ තිබුණේ නැහැ. ඒ කාලෙත් මගේ දිවිය ගෙවුණේ විහිළුවෙන් තහළුවෙන් තමයි. ඒ වගේම ඉස්‌කෝලෙ මම හොද ගායකයා. මම ගැයුවේ අමරදේව මාස්‌ටර්, සී. ටී. ප්‍රනාන්දු මාස්‌ටර්ගේ ගීත. ගැහැණු ළමයි එක්‌ක ආදර කතා අරඹනවට වඩා සමීප මිත්‍රත්වයකින් තමයි ගෙව්වේ.

ඉතින් ඊට පස්‌සේ?
ඔය විදිහට අධ්‍යාපනය කරගෙන යද්දී රස්‌සාවක්‌ කරන්න ඕනෑ කියල මට හිතුණා. ඒ අනුව නුවරඑළියේ වැවකැලේ එස්‌ටේට්‌හි රැකියාවක්‌ හොයාගෙන මම නුවරඑළියේ වතු බංගලාවක නතර වෙනවා. එහේ රැකියාව කරන සමයේ තමයි මගේ ජීවිතයේ ප්‍රථම ආදර කතාව පටන් ගන්නේ. ඒ වතුයායේම හිටිය තරුණියකට මම ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ආදරය පටන් අරන් අවුරුදු දෙක තුනකින් මේ ගැහැණු ළමයා වෙනත් ඇසුරක්‌ පටන් ගන්නව. මේ සිදුවීම මට දරාගන්න බැරි තරම් දුක්‌බර අත්දැකීමක්‌ එකතු කරනවා. කොටින්ම මට මගේ ජීවිතය ගැන පවා කලකිරෙනවා. ඔය විදිහට කලකිරීමෙන් හිටිය මගේ ජීවිතයට අනතුරක්‌ කරගනියි කියන බය නිසාම මගේ ගෙදර අය ආපහු මාව ගමට ගෙන්වා ගන්නවා.

ගමට ඇවිත් නැවතත් ආදරයක්‌ හොයාගන්නවා?
නැහැ. ගමට ඇවිත් මම ටික කාලෙකින් කටුනායක ආයෝජන පුරයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක රැකියාවකට යනවා. මේ යන අතරතුරේ නැවතත් මගේ සුපුරුදු ගායන දිවිය ඇරඹෙනවා. කටුනායක වෙළෙඳ කලාපයේ පැවැත්වුණ ගී ගයන එක නිරන්තර පුරුද්දක්‌ වුණා. ඒ අතරෙයි මට උමංගාව මුණගැහෙන්නේ.

ඇයත් රැකියා ස්‌ථානයේදී හමුවුණ තරුණියක්‌ ද?
නැහැ. එයා අපි දන්න හදුනන පවුලක යුවතියක්‌. එයාලගේ පවුලෙ අය මට හරිම ආදරෙයි. ඇගේ නම උමංගා. නමුත් අපි ඇයට ආදරේට කියන්නෙ කුමාරි කියල. ඇය මට මුලින්ම කිව්වේ මාමා කියලා. දුරින් නෑකමට මම එයාට මාමා වෙනවා. අපි මුණගැහෙද්දී එයාට අවුරුදු 17 යි මට අවුරුදු 21 යි. අපි හදුනාගෙන මට වයස විසිහය වෙද්දී අපි විවාහ දිවියට එළැඹෙනවා.

සීය කෙනෙක්‌ වෙන්නෙ ඊට පෙර ද පසුවද?
මම ජොලි සීය වෙන්නේ මට වයස අවුරුදු 29 දී, පසුකාලයක මම ජොලි සීයා ලෙස වේදිකාවේ ගයන විට පළඳින රැවුල නිර්මාණය කරල දුන්නෙ මගේ බිරිද උමංගා.

ඇගේ ආදරණීය සුරතින් ජොලි සීයගේ රැවුල නිර්මාණ වුණ කතාව ආදරය තරම්ම රසබර මතකයක්‌ නේද?
පළමු සැරේ ජොලි සීයාගේ රැවුල නිර්මාණය කළේ තරිඳු ප්‍රේමානන්ද. මම මේරියන්ස්‌ සංගීත කණ්‌ඩායම සමඟ ඩුබායි සංචාරයකට ගිහින් එද්දී රැවුල ඩුබායිවල දාලා ඇවිත් හදිසියේ සංදර්ශනයකට යන්න බලත්දී රැවුල නැහැ කියල දැන ගත්තේ. පස්‌සෙ අසල්වැසි පුතෙක්‌ රෙද්දක්‌ ගෙනත් දුන්නා මාමේ මේක හොදයි ද කියල බලන්න කියලා. ඉතින් ඊට පස්‌සෙ උමංගා ඒ රෙද්දෙන් මට රැවුල මහලා දුන්නා. ඒ විදිහට උමංගා හදල දුන්න රැවුල පළඳල තමයි ලෝකෙ වටේම ගිහින් ගීත ගැයුවේ. අදටත් මම පළඳින්නෙ ඒ රැවුල තමයි.

ඔබේ කලා දිවියේ ඇය සිටින තැන කොතැනද?
මගේ සංගීත දිවියේ හෙවනැල්ල වගේ ඉන්නේ උමංගා තමයි. මමත් ඇය මට හමුවුණ දා ඉදන් මගේ පණ වගේ ආදරය කරන්නේ ඇයටම තමයි. ඒත් ළඟකදී ඉදල එයා වෙනස්‌වෙලා. එයා මට වඩා දැන් සතුන්ට ආදරය කරන්නේ. සතුන් නාවල කවල පොවල උන්ගේ කැතකුණු අතගාගෙන මිනිස්‌සු මහපාරේ දමාගිය සත්තු ගෙදර ගෙනත් බලාගන්නවා.

මේ ආදරයට ඔබගෙන් විරෝධය පළවෙන්නෙ නැතිද?
මම නීතියක්‌ දාලා තියෙන්නෙ සත්තු ගේ ඇතුළට ගන්න එපා කියල. අපි ගේ ඇතුළට කොටුවෙලා ඉන්නවා. සත්තු ගෙදර මිදුලේ වත්තෙ නිදහසේ ඉන්නවා.

ජොලි සීයගේ සංගීත දිවියේ ප්‍රේම ගීත?
ප්‍රේම ගීතත් ගැයුවා. හැබැයි අතලොස්‌සක්‌ තමයි. සීය කෙනෙක්‌ ප්‍රේමයට ආසයි. ඒත් ඒ ප්‍රේම ගීත විහිළුවෙන් වගේ ආදරය පාන ගීත.

සොදුරිය ප්‍රේමිය දයාවි පොඩ්ඩක්‌ හිටපිය..... ඔය වගේ ආදර ගීත තියෙනව.

ධම්මිකා සුරංජි පතිරණ


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  713 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,352 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  936 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  358 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,119 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,283 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,848 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,340,437 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,822 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,410 Downloads



Top 10 Commenters

Latest Comments

Top