Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
"ෆේස් බුක් එකේ මමයි බිරිඳයි දෙන්නම නැහැ..අපි වගේ පෙනී ඉන්න අය ගොඩක් ඉන්නවා..." - රොෂාන් පිලපිටිය

- "ෆේස් බුක් එකේ මමයි බිරිඳයි දෙන්නම නැහැ..අපි වගේ පෙනී ඉන්න අය ගොඩක් ඉන්නවා..." - රොෂාන් පිලපිටියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,711 Views
"නරක කිව්වා කියලා අමුතු දුකක්‌වත් හිතන කෙනෙක්‌ නෙමෙයි.."

"තාම මම ඒකට සුදුසු නෑ.."

රොෂාන් පිලපිටිය නිතරම දකින්න ලැබෙන චරිතයක්. ඔහු ජනප්‍රිය නිසාම ඔහුව දැක්කත් නොදැක්කත් ඔහුට ප්‍රතිචාර හිමි වෙනවා. විවිධ චරිත එක්ක පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ දකින්න ලැබෙන ඔහු ගැන තොරතුරු මේ විදිහට පුවත්පතක සදහන් වුණා, මේ ඔහු ගැනයි.

බොහෝ චරිත කළු චරිත?
රංගන ශිල්පියෙක්‌ විදිහට මං කවදාවත් කළුද සුදුද කියලා බලලා නෑ. ඉස්‌සරත් කළු චරිත මම නිරූපණය කළා. රංගන ශිල්පියෙක්‌ වුණහම ඕනෑම චරිතයක්‌ කළ යුතුයි කියලයි මම නම් හිතන්නේ.

එක පාරට මෙවැනි චරිතම ලැබෙන්න ගත්තේ ?
මුල් කාලයේ පටන් මම එවැනි චරිත නිරූපණය කළා. සුදු චරිත හෝ කළු චරිත පමණයි කියලා රාමු සහ ප්‍රතිරූප මගේ ජීවිතේ නෑ.

මොනවද අලුත් චිත්‍රපට?
මොහාන් නියාස්‌, දේවින්ද කෝන්ගහගේ ඇතුළු අධ්‍යක්‌ෂවරුන් කිහිප දෙනෙකුගේම චිත්‍රපට කිහිපයක්‌ එන්න තියෙනවා. ඒ වගේම බෙනට්‌ රත්නායකගේ "නේලා" චිත්‍රපටය පෙබරවාරි 14 දා තිරගත වෙන්න තියෙනවා.

පසුගිය කාලයේ ඔබ එතරම් පේන්න හිටියේ නෑ. හැබැයි මේ දවස්‌වල ඔබ නැවත නිතර දකින්න පුළුවන්. රිද්මා ගෙනා වාසනාවද මේ?
නාට්‍යයක්‌ කළාම කාලයක්‌ තිස්‌සේ පෝලිමේ තියෙනවා. අපේ රටේ කිසිම ප්‍රතිපත්තියක්‌ නැහැනේ. දැන් විකාශය වෙන සමහර නාට්‍ය අවුරුද්දක්‌ දෙකක්‌ පරණ ඒවත් තියෙනවා. විකාශය වෙනකොට වෙනවා. නැති කාලයට නෑ පෝලිමේ තියෙනවා.

ඉස්‌සර නං රොෂාන්ව දැක්‌කේ හරවත් නිර්මාණවල. හැබැයි දැන් නං මෙගා ටෙලිනාට්‍යවලින් තමයි දකින්න පුළුවන්?
දැන් හැදෙන්නේ මෙවැනි ටෙලි නාට්‍ය. මොකද මේ ක්‌ෂේත්‍රය තුළ ගැටළු තියෙනවා. ඒ ගැටළු විසඳෙන්න නිසි ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. කලාවේ සියලු අංගවල මේ අර්බුදය තියෙනවා. ජාතික ප්‍රතිපත්තියක්‌ එන්නම ඕනෑ. නැත්නම් හොඳ දේවල් තවත් හිඟ වේවි.

අධ්‍යක්‌ෂණය පැත්තට යොමු වෙන්න අදහසක්‌ නැද්ද?
ඇත්තටම හරිම උත්තරේ නං අධ්‍යක්‌ෂණය කරන්න මම දන්නේ නැහැ. අවුරුදු ගානක්‌ රඟපෑවට අධ්‍යක්‌ෂණය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. තාම මම ඒකට සුදුසු නෑ. කාලයක්‌ ගිහිං බලමු නේ...

ඔබ ප්‍රසිද්ධ දේශපාලනයට එකතු වෙන්නේ නැද්ද?
මම මගේ ඡන්දය භාවිත කරනවා. ඒ හැරුණුකොට ඡන්දෙ ඉල්ලන්නවත්, ඒ දේවල්වලට මම යොමු වෙන්නේ නෑ. ඒකට මම සුදුසුත් නෑ. ඉතිං ඡන්දය භාවිත කරනවා මිසක්‌, මට දේශපාලනයක්‌ පුද්ගලිකව තියෙනවා මිසක්‌, ඔය කියන කාරණාවට මම යොමු වෙන්නේ නෑ.

රිද්මා මුණගැසුණේ ?
බිරිඳත් නුවර තමයි. අපේ ගමේමයි. අවුරුදු හතරක්‌ පහක්‌ විතර අපි යාළුවෝ විදිහට අඳුරගෙන හිටියා. පස්‌සේ තමයි ඒ ඇසුර ආදරයක්‌ වුණේ. නමුත් පසු කාලීනව හිතුණා අපේ අදහස්‌ ගැළපෙනවා සහ විවාහය ගැන හිතන්න ඕනෑ කියලා. ඇය රිද්මා දිසානායක. දැන් රිද්මා පිලපිටිය. ඇය රැකියාවක්‌ කරන්නේ නෑ.

ඔබේ ජීවිතේට ඇවිත් ගිය අය ඉන්නවා. මේ ඇවිත් ඉන්නේ හොඳම කෙනාද?
ඇත්තටම මම ගත්ත හොඳම තීරණය මේක කියලා මම විශ්වාස කරනවා. මොකද ඇයත් ඉතාම සරලව ජීවත්වෙන කෙනෙක්‌. මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්‌. අපේ අදහස්‌ ගැළපෙනවා. ඉතිං මම හිතනවා මේ මම ජීවිතේ ගත්ත හොඳම තීරණය කියලා.

පහුගිය දවස්‌වල ඔබ පිළිබඳ බොහෝ කතා ප්‍රචාරය වුණා?
ඇත්තටම ඒ සම්බන්ධව මම කතා කරන්න කැමැති නෑ. ඉතිං ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක්‌ කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් යම් යම් කාරණාවලට මගේ නීතිඥයා කටයුතු කරනවා. මොකද මම විවාහ වෙනකන්ම ඉඳලා මේ මඩ ගහන දේවල් ගැන දන්න හැමෝම දන්නවා. ඉතිං ඒ දේවල් අපි අපේ ජීවිතවලට අදාළ කරගත්තේ නැහැ.

සිද්ධ වෙච්ච දේවල් දිහා ආපහු හැරිලා බලද්දී හිතුණේ නැද්ද අලුත් ජීවිතයක්‌ පටන් ගත්ත මේ වෙලාවේ විදෙස්‌ගත වුණා නම් හොඳයි කියලා?
අනේ නෑ. එහෙම මට ප්‍රශ්නයක්‌ නෑ. මම මේ රටේ ජීවත් වෙන්නේ. සමහර අය ඒ දේවල් ප්‍රශ්න කරගත්තට මට එහෙම නෑ. මම ගැන හොඳ කිව්වම විශේෂයෙන් සතුටක්‌වත්, නරක කිව්වා කියලා අමුතු දුකක්‌වත් හිතන කෙනෙක්‌ නෙමෙයි. මේ රටේ විදිහ මේක තමයි. ඒක දැනගෙන ජීවත් වෙන්න ඕනෑ.

රොෂාන් පිලපිටියට fb account කීයක්‌ තියෙනවාද?
විශේෂයෙන්ම කියන්න ඕනෑ, මමත් මගේ බිරිඳත් භාවිත කරන්නේ instagram පමණයි. fb භාවිත කරනවා නම් අපේ නමින් ඒ සියල්ල අපේ නොවන අපි වගේ පෙනී හිටිමින් වෙන අය භාවිත කරන ෆේක්‌ එකවුන්ට්‌ස්‌.

යුගන්ති යශෝදරා
Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  8,584 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,896 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,228 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,584 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  32,125 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,646 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,524 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  588 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,231 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,215 Downloads



Top 10 Commenters

Latest Comments

Top