Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
"හාමුදුරුවෝ මහණ වෙනකොට අවුරුදු 13යි.." - බෙල්ලන්විල හිමියන්ගේ ළමා කාලය ගැන සහෝදර ධම්මරතන හාමුදුරුවෝ කියන කතාව...

- "හාමුදුරුවෝ මහණ වෙනකොට අවුරුදු 13යි.." - බෙල්ලන්විල හිමියන්ගේ ළමා කාලය ගැන සහෝදර ධම්මරතන හාමුදුරුවෝ කියන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,669 Views
 "විමලරතන හාමුදුරුවෝ පුංචි කාලේ ක්‍රිකට්‌ ගහන්න හරිම දක්‍ෂයි.."

 "මහණ වෙලා ටික කාලයක්‌ යනකොට තාත්තා නැති වුණා..."
 
ගිහි ජීවිතයේදී මෙන්ම පැවිදි ජීවිතයේදී ද එකම සෙවණක්‌ යට සහෝදර බැඳීමක්‌ දලුලන්නේ කලාතුරකිනි. එය අතිශය විරල අවස්‌ථාවකි. එවැනි සහෝදර ප්‍රේමයක්‌ ගැන බෙල්ලන්විල රාජ මහා විහාරස්‌ථානයෙන් අපට අසන්නට ලැබිණි. ඒ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන අනු නාහිමියන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආත්මීය බැඳීම ගැන ය. එහෙත් අවාසනාවකට දැන් එම ආත්මීය බැඳීම මේ භවයේදී බිඳී ගොස්‌ අවසානය. බෙල්ලන්විල ධම්මරතන හිමියන්ට වයසින් බාල විමලරතන හිමියන් ඉක්‌මනටම මේ සසරට සමුදුන්හ.

එනම් වයස අවුරුදු හැත්තෑ හයක්‌ ආයු වළඳා නොසිතූ මොහොතක බෙල්ලන්විල විමලරතන හිමියන් අප අතරින් සමුගෙන ගිය සේක. දැන් අප මේ සටහන් තබන්නට යන්නේ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ගිහි, පැවිදි ජීවිතය ගැන ධම්මරතන ලොකු හාමුදුරුවන් කියන කතාවය.
 
 "අපේ පවුලේ අයට තියෙන්නෙ පෘතුගීසි නම්. තාත්තාගේ නම ඕමත්තගේ පෝල් පෙරේරා. ඒත් අපේ තාත්තා පැවත එන්නේ හොඳ සිංහල බෞද්ධ පවුලකින්. අපේ අම්මා සිල්වා කෙනෙක්‌. නම පල්ලගේ දෝන බුත්සිලිනා ද සිල්වා. ඒත් අපේ අම්මා හොඳ බෞද්ධ කාන්තාවක්‌. තාත්තා, අම්මාගෙ නම් වගේම අපිටත් තියෙන්නෙ ඉංග්‍රිසි නම්. මම ඕමත්තගේ ඕබට්‌ පෙරේරා. මම පවුලේ තුන්වෙනියා. මට බාල සහෝදරයා විමලරතන හාමුදුරුවො. ගිහි නම ඕමත්තගේ ගිල්බට්‌ පෙරේරා. අපේ පවුලේ සහෝදරයන්ම හය දෙනෙක්‌.
 
 අපි ඉපදුණේ බණ්‌ඩාරගම වීදාගම අම්මාගේ මහගෙදර. කුඩා කාලේ අපි හැදුණේ වැඩුණේ වීදාගම ගමේ. ඇළ දොළ ගලා බසින, වැව් අමුණු පිහිටි සුන්දර පරිසරය. බැලූ, බැලූ අත කුඹුරු යායවල්. රබර් වතු, බඩවැටි. හරිම ලස්‌සනයි. වෙල් ඉපනැල්ලේ දුවලා, දොළට පැනලා පිරිසිදු වතුර ටිකක්‌ නාලා මාදං, හිඹුටු අහුරක්‌ කඩාගෙන කාපු සුන්දර ළමා කාලයක්‌ අපිට තිබුණා. ගොයම් කපන කාලේට රංචු ගැහිලා වෙලේ සරුංගල් ඇරියා. ඔට්‌ටු සෙල්ලම් කළා. කුඹුරු වපුරන කාලයට රබර් වත්තක, පිට්‌ටනියකට එකතු වෙලා ක්‍රිකට්‌ සෙල්ලම් කළා. පුංචි කාලේ අපේ සහෝදරයො සේරම ක්‍රිකට්‌ සෙල්ලම් කරන්න හරිම කැමැතියි. ඒ වගේම දක්‍ෂයි. විමලරතන හාමුදුරුවොත් මහණ වෙනකම් වගේ ක්‍රිකට්‌ සෙල්ලම් කළා. හොඳ දක්‍ෂ ක්‍රීඩකයා.
 
 අපි හයදෙනාම බණ්‌ඩාරගමදී පාසල් ගියේ නිකපේ විජයරාජ විද්‍යාලයට. අපේ තාත්තාගේ එකම සිහිනය වෙලා තිබුණේ අපි හයදෙනාට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීම. ඒත් තාත්තාට මහ ලොකු පඩියක්‌ ලැබෙන රස්‌සාවක්‌ තිබුණේ නෑ. තාත්තා රාජකාරි කළේ විදුලිබල මණ්‌ඩලයේ ප්‍රධාන ලිපිකරුවෙක්‌ විදිහට. අම්මා රැකියාවක්‌ කළේ නෑ. අපි හය දෙනාව රැකබලා ගන්නවා හැරෙන්නට අම්මට රස්‌සාවක්‌ කරන්න තරම් නිදහසක්‌ තිබුණෙත් නෑ. අපි පුංචි කාලේ ටිකක්‌ දඟයි. කොලුකමට එහේ දුවනවා. මෙහේ දුවනවා. අඬදබර ඇති කරගන්නවා. ගෙදර හරි කලබලයි. අපි හයදෙනා ගැන ඇහැ ගහගෙන අම්මා ගෙදර වැඩ ටික කරගත්තෙත් හරිම අමාරුවෙන්. තාත්තා උදේ වැඩට ගිහින් හවස එන්නේ. ඒත් අම්මාගේ වැඩ කොටස මඟහැරියේ නෑ. අකුරටම කළා.
 
 බණ්‌ඩාරගම අපිට හොඳට කුඹුරු තිබුණා. එළවළු කොරටු තිබුණා. අපි පදිංචි වෙලා හිටපු මහගෙදර ඉඩමේ මහා විශාල කොස්‌ ගස්‌ පනස්‌ දෙකක්‌ තිබුණා. දවසක්‌ අපේ අම්මා කොස්‌ ගස්‌ ගණන් කරලා ගාණ අපිට කියනවා මට තාම මතකයි. අපේ ගෙදරට කිසිම දවසක එළවළු, හාල්, පොල් කඩෙන් ගත්තේ නෑ. අපේ තාත්තයි, අම්මයි මිනිස්‌සු දම්මලා කුඹුරු, එළවළු වගා කළා. හරක්‌ දහයක්‌, දොළහක්‌ හිටියා. අපිට කිරි බොන්න නෙමෙයි උතුරන්න තිබුණා. කෑම, බීමවලින් කිසිම අඩුවක්‌ තිබුණේ නෑ. ඒ සේරම දාලා තාත්තා බෙල්ලන්විල තාත්තගේ ගමට එන්න තීරණය කළේ කොළඹ ඉස්‌කෝලවලට යවලා අපිට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදෙන්න. බෙල්ලන්විලට ඇවිත් ටික කාලයක්‌ යනකොට මම මහණ වුණා. පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට මට වයස අවුරුදු දොළහයි. මගේ ගුරු හාමුදුරුවො වුණේ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හාමුදුරුවො.
 
 මම මහණ වෙලා ටික කාලයක්‌ යනකොට තාත්තා නැති වුණා. තාත්තාගේ අභාවයත් එක්‌ක අපේ පවුලට ආර්ථික අමාරුකම්වලට මුහුණ දෙන්න වුණා. තාත්තාගේ තනතුරට අනුව ලොකු පඩියක්‌ තිබුණේ නැති වුණාට ස්‌ථිර වැටුපක්‌ ගෙදරට ලැබුණා. ඒක කළමනාකරණය කරලා තාත්තා හොඳට පවුල නඩත්තු කළා. අපේ සහෝදරයන්ට හොඳට උගන්වන්න වියදම් කළා. එක පාරටම ඒ ආදායම නැති වෙලා ගිය නිසා තමයි අපේ පවුල ආර්ථික අතින් පහතට වැටුණේ. අපේ තාත්තා නැති වෙනකොට ලොකු අයියලා දෙන්නා උසස්‌ පෙළ විභාගයට පෙනී ඉඳලා අවසාන වුණා විතරයි. පවුලේ ආර්ථික අගහිඟකම් දැනෙනකොට ඒ දෙන්න රැකියාවලට යොමු වුණා. අයියලා වැටුප් ලබනකොට පවුලේ අගහිඟකම් මඟහැරිලා ගියා. එහෙම ටික කාලයක්‌ යනකොට ලොකු අයියා වෘත්තීය පාඨමාලාවක්‌ හදාරලා රේඩියෝ ඉංජිනේරුවෙක්‌ විදිහට පිටරටකට ගියා. දෙවැනි අයියා ඉංග්‍රීසි ගුරුවරයෙක්‌ විදිහට ගුරු වෘත්තියට සම්බන්ධ වුණා. ඒ අතර කාලයේදී තමයි මට බාල ගිල්බට්‌ මල්ලි මහණ වුණේ.
 
ගිල්බට්‌ මල්ලිවත් මහණ කරගැනීමේ යෝජනාව ඉදිරිපත් කළේ මගේ ගුරු හාමුදුරුවො වුණ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හාමුදුරුවොමයි. උන්වහන්සේගේ ඉල්ලීමට මගේ මෑණියන්ගේ කැමැත්ත ලැබුණා. ඒ අනුව තමයි 1956 අවුරුද්දේ පෙබරවාරි 28 වැනිදා ගිල්බට්‌ මල්ලි බෙල්ලන්විල විමලරතන නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ. එතකොට විමලරතන හාමුදුරුවන්ට වයස අවුරුදු දහතුනයි. මම මහණ වෙලා අවුරුදු තුනකට පස්‌සෙ තමයි විමලරතන හාමුදුරුවො පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ. අපි දෙන්නගේම ගුරු හාමුදුරුවො බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හාමුදුරුවෝ. පැවිදි වෙලා අපි දෙන්නම මූලික අධ්‍යාපනය හදාරන්න ගියේ මොල්ලිගොඩ පිරිවෙනට. විමලරතන හාමුදුරුවො ගිහි ජීවිතයේදී ඉස්‌කෝල තුනකට ගියා. නිකපේ විජයරාජ විද්‍යාලයට, මහරගම ගුරු පුහුණු අභ්‍යාස විද්‍යාලයට සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට.
 
 මම අවුරුදු පහක්‌ විතර මොල්ලිගොඩ පිරිවෙනේ ඉගෙනගත්තා. විමලරතන හාමුදුරුවො ඉගෙනගත්තේ අවුරුදු දෙකයි. ඊළඟට අපි දෙන්නම විද්‍යාලංකාර පිරිවෙණට ඇතුළත් වුණා. ඒ පිරිවෙනේදී කොටහේනේ ප්‍රඥාකිත්ති, යක්‌කඩුවේ ප්‍රඥාරාම, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර වගේ වියත් ශ්‍රේෂ්ඨ නායක හාමුදුරුවරුන් යටතේ අධ්‍යාපනය හදාරන්න අපට අවස්‌ථාව උදා වුණා. ඒ නායක හාමුදුරුවරු මහා පඬිවරු වගේම රටේ ප්‍රශ්න හමුවේ අභීතව හඬ නැඟූ හිමිවරු. විද්‍යාලංකාර පිරිවෙන් අධ්‍යාපනය අපේ ජීවිත ආලෝකවත්වීමට පහනක්‌ වුණා කීවොත් මම නිවැරැදියි.
 
විමලරතන හාමුදුරුවො විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1962 අවුරුද්දේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා අවසාන කරලා විමලරතන හාමුදුරුවො පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ගුරුවරයෙක්‌ විදිහට වැඩ කළා. ඒ 1965 වර්ෂයේදී. ඒ පිරිවෙනේ සේවය කරගෙන යන අතරේ රත්මලානේ පරමධම්මෙච්තිය පිරිවෙනේ පරිවෙනාධිපති විදිහට වැඩ භාර ගන්නා ලෙස උන්වහන්සේට ආරාධනාවක්‌ ලැබුණා. ඒ පිරිවෙනෙත් සේවය කළේ අවුරුදු දෙකක්‌ වගේ කෙටි කාලයක්‌. උන්වහන්සේගේ අදහස වුණේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා පිටරටකට යැමට. උන්වහන්සේ අවශ්‍ය පුද්ගලයන් සමඟ කතාබහා කරලා 1967 අවුරුද්දේදී ලන්ඩන් බෞද්ධ විහාරයේ ආගමික කටයුතුවලට සම්බන්ධ වෙන්න එංගලන්තයට ගියා. ඒ ගමන යනකොට උන්වහන්සේට වයස අවුරුදු විසිපහකට වැඩි නෑ. ලන්ඩන්වලදී උන්වහන්සේ හොඳ ඉංග්‍රීසි දැනුමකින් සන්නද්ධ වුණා. නැවත ලංකාවට ඇවිත් 1970 අවුරුද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පාලි පිළිබඳ ගෞරව උපාධියක්‌ හැදෑරුවා. එම උපාධිය අවසාන කරලා නැවතත් උන්වහන්සේ එංගලන්තයට ගිහින් ලැන්කැස්‌ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ආචාර්ය උපාධිය ලබාගත්තා.
 
 ඊට පස්‌සේ උන්වහන්සේ ලංකාවට ඇවිත් කථිකාචාර්යවරයකු විදිහට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවයට එකතු වුණා. 1997 අවුරුද්දේදී උන්වහන්සේට එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය පදවියක්‌ පිරිනැමුණා. අවුරුදු විස්‌සක්‌ සේවය කරලා 2004 අවුරුද්දේ ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මැදගොඩ සුමනතිස්‌ස නායක හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු 2005 වර්ෂයේදී එම විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට විමලරතන හාමුදුරුවන් පත් කෙරුණා. උන්වහන්සේ අපවත් වෙනකම්ම එම කුලපති තනතුර දැරුවා.
 
 පුංචි කාලේ ඉඳලා විමලරතන හාමුදුරුවො අධ්‍යාපන කටයුතුවලදී හරිම දක්‍ෂයි. ඒ දක්‍ෂතාවයෙන් උන්වහන්සේ යා හැකි උපරිම දුරට ගියා..."
 
 
 තරංග රත්නවීර
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  436 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  1,884 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  3,732 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  2,693 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  843 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,514 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  380 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,121 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  4,365 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  4,500 Downloads



Top 10 Commenters

Latest Comments

Top