Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
12
මහින්ද පොහොට්ටුව සමග තවත් පෙරළියකට සැරසෙයි, ආණ්ඩුව ගන්න ආණ්ඩුවෙන් ඉල්ලන දේ මෙන්න

- මහින්ද පොහොට්ටුව සමග තවත් පෙරළියකට සැරසෙයි, ආණ්ඩුව ගන්න ආණ්ඩුවෙන් ඉල්ලන දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
"එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල,"
"එදා 08 වෙනිදා කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව"

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබෙන්නේ පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදීයි.

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද "අස්ථාවරභාවයක්" මතු වී තිබෙන බැවින් "මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ," යනුවෙන් ද පවසා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේ  ප්‍රතිඵල අනුව වත්මන් පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම (ශ්‍රීලනිප - එජාප) පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වුණා..

2018 පළාත් පාලන මැතිවරණයේ බලය අත්පත් කරගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239 ක බලය අත්කරගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 42 ක , දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 38 ක බලය අත්පත් කරගත්තා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ සමග එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන දෙපාර්ශ්වයටම එක්ව බලය ලබාගත හැකිවූයේ පළාත් පාලන ආයතන 07 ක් පමණි.

"මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව," යැයි මහින්ද රාජපක්ෂ මහතා බී. බී. සී. පුවත් සේවයට පවසා තිබෙනවා.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟත්වයෙන් එය සංශෝධනය කළ හැකි බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

"මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක," යැයිද බී.බී.සී. පුවත් සේවයට පවසා තිබෙනවා.

පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන්ද බී.බී.සී. සේවය රාජපක්ෂ මහතාගෙන් විමසුවා.  එයට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ .....

"එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල," යන්නයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වෙත චෝදනා කර තිබුණා.

"ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ වෙලා" යයිද ඔහු චෝදනාවක් එල්ල කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම පක්ෂයේ තවමත් අනුශාසක පදවිය ද දරමින් සිටියද පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම පක්ෂයේ විනය කඩකිරීමක් නොවේ දැයි බීබීසී සිංහල සේවය මීට පෙරදී කළ විමසීමකට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත්තේ "පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන" යැයි කියමිනුයි.

ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව "නීත්‍යානුකූල නැති" බවත් කියා ඇති මහින්ද රාජපක්ෂ මහතා වඩාත් අවධාරණය කර කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා තමන් නොවන බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top