බිංගිරිය - කොහොල්ලන්දලූව - වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි මවක් තම දරුවන් තුන්දෙනාට වස පොවා තමාද වස පානය කළ පුවතක් ඊයේ (30) වාර්තාවුණා.
වයස අවුරුදු එකයි මාස දෙකක සහ වයස අවුරුදු 7 ක දැරියන් දෙදෙනෙකු සහ පස් හැවිරිදි පිරිමි දරුවෙකුට මේ ආකාරයෙන් වස පොවා ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
මේ වනවිට රෝහල්ගතකර ඇති දරුවන් තිදෙනා පිළිබඳව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ 27 හැවිරිදි දරුවන්ගේ මව රෝහලේ පස්වන වාට්ටුවේ ද දරුවන් තුන්දෙනා 11 වන වාට්ටුවේද ප්‍රතිකාර ලබන බවයි.
මේ වනවිට ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී ඇති බවයි රෝහල් ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට බරපතල නොවන බවටද වැඩිදුරටත් වාර්තා වෙනවා. නිවසේ ළිඳ අසලදී මෙම මව දරු තිදෙනාට වස පොවා තමාද වස පානය කර ඇති බව මූලික පරීක්ෂනවලදී හෙළි වී තිබෙනවා.
කෙසේ නමුත් අදාල මව කිසියම් මානසික ආතතියකින් පෙළුණු බවට අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා. මෙම සිද්ධියට එය හේතු වන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
වීඩියෝව පහතින්..