විදුහල්පති කියූ නිසා පාසල් වත්තේ අඹ ගසට නැග අඹ කඩමින් සිටියදී ගසෙන් වැටී මිය ගිය සිසුවාගේ පියා ඊයේ (29) සියදිවි හානි කරගැනීමට යාමේදී රත්තොට පොලිසිය විසින් එය වළක්වනු ලැබ ඔහු බේරා ගෙන තිබේ.
පියා තම පුතා මිය ගිය අඹ ගසේම කඹයක් ආධාරයෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගැනීමට ගොස් ඇති අතර පොලිසිය විසින් ඔහු බේරා ගනු ලැබ ඔහුගේ ආරක්ෂාව සඳහා රත්තොට පොලිසිය භාරයට ගෙන ඇත.
සිය පුත්‍රයා මිය යාමේදී ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිගෙන් මොහු ලක්ෂ 02ක මුදලක් ලබාගත් බවට පල වන ප්‍රචාරය හේතුවෙන් ඇති වූ කලකිරිමට මොහු මෙලෙස සියදිවි හනිකරගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අපවෙත ප්‍රකාශකොට සිටියේ.. කෙසේ නමුදු විදුහල්පතිවරයා පවසනවා මෙන් ඔහු රුපියල් ලක්ෂ 02ක් ලබා ගෙන නොමැති බව පියා සහතික වෙයි.