හිරු ටී.වී. ඔස්සේ විකාශය කෙරුණු බලය සංවාදමය දේශපාලන වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා අපේක්ෂක හරීන් ප්‍රනාන්දුට විවෘත අභියෝගයක් ඉදිරිපත් කළ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. ඒ, තමන් කළ අභියෝගයේ ජය පරාජය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.
පසුගිය අගෝස්තු මස 14 වැනිදා විකාශය කෙරුණු බලය දේශපාලන වැඩසටහනට එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිළ එක්ව සිටියා.
එහිදී පළාත් අමාත්‍යවරයා හරීන් ප්‍රනාන්දුට විවෘත අභියෝගයක් සිදුකළේ හැකි නම් මැතිවරණ ප්‍රචාරය සඳහා පෝස්ටර් යොදා නොගනිමින් මනාප ජන්ද 50,000ක් ලබා ගන්නා ලෙසයි. ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු ඒ පිළිබදව පළව ඇති පුවත් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල පළාත් අමාත්‍යවරයා කියා සිටියේ තමා කියූ දේ කරන, කරන දේ කියන අයෙක් බවයි.
ඔහු ප්‍රකාශ කළේ පෝස්ටර් ගහන්නේ නැතිව ජන්ද 50,000ක් ලබා ගන්නා ලෙසට තමන් හරීන් ප්‍රනාන්දුට අභියෝග කළ බවයි. එහෙත් ඔහු ඊට පසුව ද පෝස්ටර් ප්‍රදර්ශනය කළ බවට වන ඡායාරූප කිහිපයක් ද ගම්මන්පිල පළාත් අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.
එම වීඩියෝව පහතින්....
බලය වැඩසටහනේදී කල අභියෝගය පිිළිබඳ පළමු වාර්තාව මෙතනින්.