මේ වන විට සමාජයේ මව පිය, යහලු යෙහෙලියන්, නොහදුනන තත්වයට පත්ව ඇත. ඒ ඔවුන්ගේ මනසට එකතුවන විවිධාකාරයේ විකෘති ආකල්ප යැයිද කිව හැකිය. ඒ ආකාරයෙන් එකට දිය නෑමට ගොස් යහලුවා දියේ ගිලුණු පසු පලාගිය මිතුරන් තිදෙනෙක් පිළිබඳව පොල්ගස්ඕවිටෙන් වාර්තා වේ.
වාර්තා වී ඇති තොරතුරු අනුව මෙම යහලුවන් ඇළක දිය නෑමට ගොස් ඇති අතර එහිදී එක් තරුණයෙක් දියේ ගිලී මියගොස් ඇත.
සිදුවීමෙන් බියට පත් එනෙක් මිතුරන් තිදෙනා දියේ ගිලුණු මිතුරාගේ රෙදි එම ස්ථානයේම වළදමා නිවෙස් වෙත ගොස් ඇත.
ඔවුන් මෙසේ සිදුකොට ඇත්තේ නිවෙස්වලට පිළිතුරු දීමට වූ බිය නිසාවෙන් යැයි වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ නමුත් තම පුතා නොමැති පුවත පිළිබඳව දෙමාපියන් සිදුකල විපරමේදී දියේ ගිලුණු තරුණයා පිළිබඳව තොරතුරු හමු වී ඇත.
පොලිසියේ පරීක්ෂණ ඔස්සේ අදාලා තරුණයින් තිදෙනාට ඔවුන් දිය නෑ ස්ථානයේ වළදා දැමූ රෙදි ගොඩගත් අතර මියගිය තරුණයාගේ සිරුර දිය නෑ ස්ථානයෙන් කිලෝමීටරයක් පමණ දුරක පාවෙමින් තිබියදී සොයාගෙන ඇත...
මේ පිළිබඳ වීඩියෝව පහතින්..