විවිධාකාරයේ ව්‍යාජ නම්ගම් වලින් මේ වනවිට බොහෝ පිරිසක් ෆේස්බුක් භාවිතයට හුරුව ඇත. මේ තුලින් සිදුවන අපාරාධ හා විවිධ අපයෝජනද මේ වන විට කාගේත් කතා බහට ලක්වෙන කරුණක් වී අවසන්ය. මේ ආකාරයෙන්ම සිදුවූ තවත් සිදුවීමක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවේ. ඒ පාසැල් සිසුවෙක් හා ගුරුවරියක් සම්බන්ධවයි.
වාර්තාවන තොරතුරු අනුව අදාලා ගුරුවරිය හා සිසුවා ෆේස්බුක් අඩවිය මඟින් මිතුරන් වී ආදර සම්බන්ධතාවයක් පවත්වා ඇත. නමුත් මොවුන් දෙදෙනාම ෆේස්බුක් ගිණුම් තුලින් පෙනි ඉද ඇත්තේ ව්‍යාජ නම් වලිනුයි.
කොළඹ ප්‍රධාන පෙලේ පාසැලක ගුරුවරියක හා ශිෂ්‍යයෙකු වන මොවුන් ෆේස්බුක් තුලින් හාද වී කෙටි පණිවුඩද හුවමාරු කරගෙන ඇති අතර එනමුත් එකිනෙකා කවුරුන්ද යන වගක් හඳුනාගෙන නැත.
දුරදිග ගිය ප්‍රේමයේ අවසන සටහන් කරමින් මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයකදී හමුවීමට සැලසුම් කොට එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී දෙදෙනාම අන්ද මන්ද කරමින් එතන සිට ඇත්තේ එකම පාසලේ ගුරුවරියක හා සිසුවෙකි.
කෙසේ නමුත් මෙම ව්‍යාජ ගිණුම් පාලනය කිරීමට ෆේස්බුක් සමාගමටද තවමත් හැකි වී නොමැති අතර ඔවුන් එය සිදු නොකරන්නේ පැමිණෙන ග්‍රාහකයින් ප්‍රමාණය අඩුවන නිසා බවටත් රාවයක් පැතිර යයි.
මේ වනවිටත් ශ්‍රී ලංකාව තුල මෙවැනිම වූ අපරාධ රැසක් සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු රාශියක් යොදා ඇත.