"මම ගොඩාක් කලින් එයත් එක්ක වැඩකරලා තියනවා"
"ඉදිරියේදී මොනවා වෙයිද කියල මටත් හිතාගන්න බෑ"
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිණියක් වගේම රුවැත්තියක්. ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සමගයි.
ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන ඇයගේ සොයුරියන් දෙදෙනාද රංගන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් අයයි.
මේ දවස් වල හිරු TV ඔස්සේ විකාශය වන බටහිර අහස ටෙලිනාට්‍යට රංගනයෙන් එක්වන දිනක්ෂි අද හිරු Entertrainment + සමග කතා කළා.
බටහිර අහස ටෙලිනාට්‍යයේ අශාන් ලෙස රංගනයේ යෙදෙන සාරංගගේ පැරණි පෙම්වතිය වීශා ලෙස පෙනී සිටින ඇය ආදරය ගැන අපිට කිවුවේ මෙහෙමයි.
බටහිර අහස ටෙලිනාට්‍යයේ කතාව හැටියට ඔයාට අශාන් ව ලැබෙයි ද ?
ඉස්සරහට මොකද වෙන්නේ කියන එකනම් මම කියන්නේ නෑ. බටහිර අහස මම ඇත්තටම තෝරාගත්තේ චාමර අයියා තමයි ඒකෙ අධ්‍යක්ෂවරයා. මම ගොඩාක් කලින් එයත් එක්ක වැඩකරලා තියනවා. චාමර අයිය කතාකරල ඇහුව එනවද කියල. කැරැක්ටර් එකක් තියනවා ඔයාට විතරයි මේක කරන්න පුලුවන් කියල. මම හා කිව්වා ඉතින්. මගේ චරිතය තාම නාට්‍යට ආව විතරයි. ඉදිරියේදී මොනවා වෙයිද කියල මටත් හිතාගන්න බෑ. ටිකක් එක විදිහක චරිතයක් ඉතින්. ප්‍රේක්ෂකයන් නම් ඉතින් වැඩි ආසාවක් දක්වන එකක් නෑ. වීශා ට වගේම බටහිර අහසෙ ඉදිරියට මොකද වෙන්නේ කියල දැනගන්න සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් රාත්‍රී 8ට බටහිර අහස බලන්න.
ඇත්තද දිනක්ෂි දැන් පෙම්වතියක් කියන්නේ ?
මම ඉතින් හැමදාම පෙම්වතියක් . ඊයේ අද හෙට එහෙම නෑ ඉතින් මම හැමදාම එදා ඉඳන් අද වෙනකන් ම පෙම්වතියක්. ඒක ඉතින් ඒ කාලෙට හැමෝටම දැනගන්න හම්බවෙයි. දැන්ම ඕන නෑ ඉතින් තව ගොඩක් කල් තියනවා නේ ඔය දේවල් සිද්දවෙන්න.
සතියේ දින 5හේම රාත්‍රී 8 ට හිරු ටීවී තුලින් ඔබේ ආලින්දයට එන බටහිර අහස ටෙලිනාට්‍යයේ සියළු කොටස්
මෙතනින් බලන්න