ෂා FM නාළිකාවේ සිය 16 වන සංවත්සරය ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ජනප්‍රිය කළාකරුවන් රැසක් සමඟ ඊයේ (21) ABC මාධ්‍යජාලයේ ෂා FM කාර්යාලයේදී උත්කර්ෂවත් ලෙසින් සමරණු ලැබුවා.
2002 ජනවාරි 21 වන සඳුදා දින ABC මාධ්‍යජාලය තවත් නව පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව සුවහසක් ලාංකීය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හඳුන්වා දෙමිනි.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඔබ ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ ජනප්‍රියම ගායක ගායිකාවන් මැදිරියක සිට නිවේදක නිවේදිකාවන් ලෙස ඔබ අමතන සංකල්පයද රටට දායාද කල ෂා FM එලෙස සිය 16 වන සංවත්සරය සැමරූ මොහොතේ ඡායාරූප එකතුව පහතින්....