තාරුකා වන්නිආරච්චි කියන්නේ පුංචි තිරය පෙම්වතියගෙන් අරක්ගත් නිළියක්. නිරන්තරයෙන්ම රූපවාහිනියෙන් විවිධ චරිත ඔස්සේ දකින්න ලැබෙන ඇය මේ අවුරුද්දේ විවාහයට සුදානම් කියලත් ආරංචියි. අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ගැන මේ විදිහට තාරුකා පුවත්පතකට කතා කරලා තිබුණා.
ඉතිං කොහොමද ?
හොඳයි. වරදක් නැහැ. වැඩ කරගෙන පාඩුවෙ ඉන්නවා
තෝරගන්න චරිත එකම රාමුවකට කොටුවෙලා කියල තරුකාට හිතෙන්නෙ නැද්ද?
ඔව් මං හිතන්නෙ මගේ පෙනුමත් එක්‌ක ඒ වගේ චරිත මට ලැබෙනවා ඇති. හැබැයි මං කැමතියි ඒ වගේ චරිතවලට. පිටපත් ලියවෙන්නෙත් ඒ වගේ ඒව නිසා ඒ චරිතවලට මම කැමතියි.
චරිතාංග රංගන ශිල්පිනියක ඒ විදියට රාමුවකට කොටුවෙන එක හරිද?
මට චරිත කරන්න බැරි කමක් නෙවෙයි. ලැබුණොත් ඕනෑම චරිතයක් කරන්න මම සූදානම්. හැබැයි තාරුකා වන්නිආරච්චි කියන චරිතෙට හානියක් නොවෙන ඕනම චරිතයක්....
චරිත තෝරාගැනීමේදී සීමාවන් ගැන හිතනවද?
නැහැ එහෙම ලොකුවට බලන්නෙ නැහැ. චරිතෙට හානියක් වෙන්නෙ නැති දෙයක් නම් කරනවා. අපිට කලින් පිටපත ලැබෙන නිසා පොඩි සැලකිල්ලක් තියෙනවා කරපු වගේ චරිතම නොකර ඉන්න සහ සීනිබෝල චරිත නොකර ඉන්න. එහෙම තමයි ඉතිං. හැබැයි මට ලැබෙන චරිතත් කිසියම් දෙයක් කරන්න තියෙන චරිත. ඒක නිසා ගැටලුවක් නැහැ.
මෙතෙක් කරපු චරිත වලින් අදටත් මිනිස්‌සු කතාකරන චරිතය මතකද?
මගේ මුල්කාලේ කරපු චරිත ගැන අදටත් මිනිස්‌සු කතාවෙනව කියන්නෙ මිනිස්‌සුන්ට ඒ චරිත මතකයි කියන එක. මිනිස්‌සු අතරෙ අදටත් ඒ චරිත තියනව කියන්නෙ මම ලබපු ලොකුම භාග්‍යයක්.
සිනමාව අත්හැරලද තියෙන්නෙ?
සිනමාවට යන්නෙ නෑ කියල නැහැ. දැනට චිත්‍රපට දෙකකට සහභාගි වුණා. ප්‍රධාන චරිත නොවුණත් ඒ චරිත මිනිස්‌සු අතරට ගියා. අලුත්ම චිත්‍රපටයක් එනවා 'ටවුමෙ ඉස්‌කෝලෙ' කියලා. රීලෝඩ් සහ නෙලා කියන චිත්‍රපට දෙකත් ළඟදීම එන්න සූදානම්.
ගෙවුණු අවුරුද්ද ගැන මොකද හිතන්නෙ?
ගොඩාක් සාර්ථක අවුරුද්දක්. මගේ හිතින් මං ආසම කරන අවුරුද්දක්. ගොඩක් දේවල් ලැබුණු සහ නොලැබුණු අවුරුද්දක්. සෑහීමකට පත්වෙනවා 2017 ගැන.
පෙම්වතත් ඒ ලැබුණු දේවල් වලින් එකක්‌ද?
අපෝ නැහැ. කාලෙන් කාලෙට එනවා යනවා. එහෙම දේවල් තිබුණා. හැබැයි 2018 අවුරුද්ද විවාහය ගැන ස්‌ථිර අදසකට ආවනම් හොඳයි කියල හිතෙනවා. ඒ තීරණය ගත්තු ගමන් කියන්නම්කො.
නව අවුරුද්දේ මොනවද සැලසුම්?