බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 44ක් තුළ සියල්ලන් දැවී ලකුණු 198 රැස් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබා ගතයුතු ලකුණු සංඛ්‍යාව 199ක්.
එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් සිය 33 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 58ක්.
ආරම්භක පිතිකරුවන වන හැමිල්ටන් මැසකට්සා ලකුණු 20ක් සහ සොලමන් මිර ලකුණු 21ක් රැස් කළා.
තුන්කොන් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති පළමු තරඟයේ වීරයා වූ ශිකන්ධර් රාසා ලකුණු 09ක් ලබාගෙන සිටියදී දවා ගන්නට ලක්ෂාන් සඳකැන් සමත්වුණා.
පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 04ක්, ලක්ෂාන් සඳකැන් සහ නුවන් ප්‍රදීප් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.
මෙම තරඟාවලිය තුල රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වනවා.