ක්‍රිකට් කියන්නෙ අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව.
ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික විස්තර දැනගන්නත් ගොඩ දෙනෙක් කැමතියි.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වගේම වර්තමාන ක්‍රීඩකයිනුත් කිහිප දෙනෙකු පසුගියදා ඔවුන්ගේ බිරින්දෑවරුන් හදන කෑම ගැන සති අන්තපුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
ධම්මික ප්‍රසාද්
මගේ බිරිඳ නිහාරි. දවසක් එයාම හිතලා චිකන්, මිදි, කජු දාලා අමුතු විදිහෙ බතක් හැදුවා. ඊට පස්සෙ ඒක කන්න චිකන් කරියකුත් හැදුවා. එදා මම මේ අමුතු තාලේ බත කාලා බඩ ලෙඩ වෙයිද කියලා දන්නෙ නෑ කියලා එයාට විහිළු කරලා ආවේ. කාල බලද්දි එකේ තිබුණෙ අමුතුම රසක්. අද මගේ ප්‍රියතම කෑම තමයි නිහාරි එදා අහම්බෙන් හදපු ඒ බත. මං ඒකට නම දාලා තියෙන්නෙ මස් බත් කියලයි.
ටී.එම් ඩිල්ෂාන්
මංජුලා හදන කෑම හැම එකක්ම වගේ රසයි. ඒත් මම වැඩියෙන්ම ආස එයා හදන පොලොස් කරියට. එයා පොලොස් උයන්නෙ තෙල් ගතිය අඩු කරලා. බැදපු තුනපහ එකතු කරලා තමයි. මට ඒ පොලොස්කරිය විශේෂයි. කිසිම රසකාරකයක් අපේ ගෙදරට ගේන්නෙ නෑ. බාබාලා නිසා. ඒ වුණත් ගමේ විදිහටම පොලොස් ඇඹුල කන්න ලැබෙනවා.
ජීවන් මෙන්ඩිස්
මගේ බිරිඳ බටහිර පන්නයට එක එක රසවලින් කෑම වර්ග හදන්න ගොඩක් දක්ෂ කෙනෙක්. එකම කෑම වර්ගය වුණත් ක්‍රම දෙක තුනකට සහ රස දෙක තුනකට එයා හදනවා. ඒ මොනවා හැදුවත් එයා හදන කෑමවලින් මම කන්න කැමතිම කෑම තමයි කරවල බැදුමයි, පොල් සම්බෝලයි,බතුයි ඒකෙ තියෙන්නෙ පට්ට රහක්.
දිල්රුවන් පෙරේරා
පුංචි කාලේ ඉඳලා මගේ ප්‍රියතම කෑම තමයි චිකන් කරිය. දවසෙ තුන් වේලක් කෑම කෑවත් මට චිකන් නම් එපා වෙන්නෙ නෑ. අද වෙනකොට වයිෆ් මට චිකන් කන්න තියෙන ආසාව තවත් වැඩි කරලා තියෙනවා. කිසිම රසකාරකයක් නොදා දේශිය කුලුබඩු දාලා එයා හදන චිකන් කරිය තමයි මගේ ප්‍රියතම.
කෞෂාල් සිල්වා
එදා වගේම අදත් මම නිතරම කන්න කැමති ගමේ ගොඩේ එළවළු. කොහොම හරි ඉතින් මගේ වාසනාවට බිරිඳ භාග්‍යාට ඒ දේවල් ලුණු ඇඹුල් පදමට දාලා කටට රසට උයන්න පුලුවන්කම තියෙනවා. එයා ඒ විදිහට හදන කෑම ගෑවුණු තැන කන්න පුළුවන්. ඒ නිසා ඒ හැම කෑමකටම මම හරිම කැමතියි.