"බළල්ලු 200ක් හෝ 120කට කෑම දෙනවා.."
"මම මුලින්ම කෑම දුන්නු පුසා තවමත් ඉන්නේ මගේ ළග.."
ලෝබකමින් හිත් පුරවාගත් මිනිසුන් කොතරම් පොහොසත් වුණත් තව අසරණ කෙනෙකුට පිහිට වෙන්නේ නැහැ. අසරණයින්ට පිහිට වෙන්න ඇතැම් ඇය පැකිලෙන්නේ නැහැ. සොබා දහමට සතා සිව්පාවන්ට ආදරේ කරන්නත් හැමකෙනෙකුටම බැහැ.
මේ කියන්න යන්නේ අපේ රටේ ඉපදිලා අරාබිකරටය ගිහිං රන්කහවනු හොයන්න ගිය කාන්තාවක් ගැනයි. ඇය නමින් අශෝකා. ඇය ඩුබායි රටට රැකියාවට යන්නේ 2008 වර්ෂයේ. ඒ ගෘහ සේවිකාවක් විදිහට. පුංචි පඩියකට. වෙන රටකට ගිහිං ඇය කරන්නේ උතුම් සත්කාරයක්. ඒ ඩුබායි ඇය ඉන්න ප්‍රදේශයේම බළලුන්ට වර්ෂ 9ක් පුරා ආහාර දීම. මේ ඒ කරුණාවන්ත කාන්තාවගේ කතාවයි.
"මම ඩුබායි යන්නේ ගෘහසේවිකාවක් විදිහට. මට සුළු පඩියක් ලැබෙන්නේ. නමුත් මම විශ්වාස කරනවා මගේ ජිවිතේ එක රාජකාරියක් තමයි මේ මම ආදරේ කරන බළලුන්ට කෑම දෙන එක කියලා. මම හැමදාම සවස 5 සිට රාත්‍රී 9 දක්වා විදිපුරා ගිහින් බළලුන්ට කෑම බෙදනවා. මට 2013 වර්ෂයේ ක්‍රිස්ටීන් කියලා කරුණාවන්ත කාන්තාවක් බයිසිකලයක් තෑගී දුන්නා. එදා එදලා මගේ මේ වැඩකටයුත්තට යොදා ගන්නේ ඒ බයිසිකලය.
මම ඒ බයිසිකලටය වියළි ආහාර එක බෑගයකටත් තවත් බෑග් කිහිපයකට වෙනත් ආහාරත් දාගෙන මේ බයිසිකලේ විදියක් පුරා යනවා. මට එක බෑගයකට දවසකට වියදම ඩිරාම් 55ක් විතර යනවා. ලංකාවේ මුදලින් නම් 2200 ක් විතර. මාසෙට මට ඩිරාම් 1650 විතර යනවා. ඒ කියන්නේ රුපියල් 66,000ක් විතර. මම ඉන්න ප්‍රදේශයේ ඇතැම් අය සතුන්ට කෑම දෙන්න කියලා ආධාර එහෙම කරනවා. දවසක් පුසෙක් අසනීප වෙලා පාරේ වැටිලා හිටියා. මම ඒ පුසාට බෙහෙත් දීලා සුව කළා.. ඒ වගේම මම දවසකට බළල්ලු 200ක් හෝ 120කට කෑම දෙනවා. මම මුලින්ම කෑම දුන්නු පුසා තවමත් ඉන්නේ මගේ ළග.."