තම මිත්තනියගේ වටිනා රන් මාලය සොරාගෙන එය උකස් කොට ලබාගත් මුදලින් මිතුරන් සමඟ එක්ව බියර් පාටියක් දැමූ මුණුපුරෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රන් මාලය රුපියල් 93,000 ක වටිනා කමකින් යුත් අතර එය රුපියල් 80,000 මුදලකට මාලය මුණුපුරා උකස් කර තිබෙනවා.
මෙම වටිනා රන් මාලය අහිමි වී ඇත්තේ මීගමුව ශාන්ත ජෝසප් වීදියේ පදිංචි 80 හැවිරිදි වියේ පසු වූ ඩබ්ලිව්. ඒ. මේරි ජෙනට් නැමති වයෝවෘද්ධ කාන්තාවටයි.
මෙලෙස රන් මාලය සොරාගත් 20 හැවිරිදි මුණුපුරා වයෝවෘද්ධ කතගේ වැඩිමල් දියණියගේ පුතු වන අතර වයෝවෘද්ධ කාන්තව තම නිවසේ තනිවම ජීවත් වෙයි.
මේ හේතුව නිසා මුණුපුරා තම මිත්තනියගේ නිවසට ගොස් ඇගේ රන් මාලය සොරකම් කොට පසුව එය උකසට තබා මුදල් ගෙන මිතුරන් සමඟ පාටි දමා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකාර මුණුපුරා මෙම 30 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.