හෙළ සිනමාවේ නිළි රැජින ලෙස හඳුන්වන මාලිනී ෆොන්සේකා මහත්මියගේ නමින් බාඳුරා මලක් නම් කර තිබෙනවා.
මෙරට බාඳුරා මල් නිෂ්පාදනය කොට බෙදා හරින්නන් විසින් ඉකුත් දිනවලදී ලිඳුල ප්‍රදේශයේ කළ පර්යේෂණයන්ගෙන් අනතුරුව නව බාඳුරා මල් විශේෂ අටක් හඳුන්වා දී තිබෙන අතර ඉන් එක් මලක් නම්කර ඇත්තේ නිළි රැජින මාලිනීගේ නමින්.