බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය ගායකයෙක් වන 54 වයසැති seal ලිංගික හිංසන සිදු කළා යැයි පවසමින් හොලිවුඩ් නිළියක චෝදනා කරනවා. ඒ 54 හැවිරිදි ඇමරිකානු නිළි Tracey Birdsall. ඇය කළ චෝදනාව මත පරීක්ෂණයක් අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ දිනවල හොලිවුඩ්වල කලා ක්ෂෙත්‍රයේ ලිංගික හිංසන ගැන වැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ දැඩි අවධානය යොමු වී තිබෙන බවත් සදහන්.
ඇය මාධ්‍යට සදහන් කරන්නේ ලොස් ඇන්ජලීස්හි සිටි කාලයේ තමාගේ කිට්ටු මිතුරෙකු සහ අසල්වැසියෙක් වූ ගායකයා තමා හමුවට පැමිණ සිඹීමට උත්සාහ කළ බවයි.
"ඔබ මේ මොනවද කරන්නෙ හදන්නෙ“ කියා මං ඇසුවා එවිට ඔහු කියා සිටියේ "මම ඔබව සිඹීන්න කැමතියි.. මට ඉඩ දෙන්න කියා" යැයි ඇය චෝදනා කරන අතර ඇගේ ඇඳුම් ගලවා දමන්න ඔහු උත්සහ කළ බවත් සදහන් කර තිබෙනවා. මෙම සිදුවීම සිදු වී තිබෙන්නේ 2016 වර්ෂයේ.
ගායක සීල්ගේ සැබෑ නම හෙන්රි ඔලුසෙගාන් ඇඩියොලා සැමුවෙල්. මෙම සිද්ධියෙන් පසු ඔහු ඇය සමඟ සියලු සම්බන්ධකම් අත්හැරිය බවද දන්වා තිබෙනවා.
ලොස් ඇන්ජලීස් ෂෙරීෆ් දෙපාර්තමේන්තුමේන්තුවට ඇය පැමිනිල්ල යොමු කර තිබෙන අතර ඒ ගැන විමර්ශනය කරන බව ඇය දන්වා තිබෙන බවත් සදහන්.