මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිර කර ඝාතනය කළා යැයි සැකපිට ඇයගේ පුතා අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඌව පරණගම මොරගොල්ල උමානදී ගම්මානයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාවති නමැති 61 හැවිරිදි කාන්තාවක්.
මව අභිරහස් ලෙස මියගොස් ඇතැයි සැකකාර පුත්‍රයා 16 දා උදෑසන පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
15 වැනිදා රාත්‍රී තමා සහ බිරිඳ නිවසින් පිටවී ගිය බවත් පසුදා (16) නිවසට පැමිණ බලන විට මව නිදියහනේම මියගොස් සිටි බවත් ඔහු පොලිසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මෙය සැක කටයුතු මරණයක් ලෙස සලකා මහේසත්‍රතාත් පරික්ෂණයකට ලක්කල බවත් මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල මහරෝහලේ මෘත ශරිරාගාරයට දේහය ගෙන ගිය බවත් පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
අද බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙය හුස්ම හිර කිරීමෙන් සිදුකල ඝාතනයක් බවයි.
ඒ සදහා ජංගම දුරකථනයක් උගුරට දමා හිරකර ඇති බවද විමර්ශන වලදි අනාවරණ වුණා.