බේරුවල, මරක්කලාවත්ත ප්‍රදේශයේදී මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රීයේ තරුණියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි සූරියපටබැඳිගේ දිනූෂා දිල්හානි නමැති 19 හැවිරිදි තරුණියක්.
අදාළ තරුණිය දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඇගේ මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතයි.
බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනවා.