ගුරුවරියක විසින් සිය රිය ධාවනය කිරීමේදී අනපේක්ෂිත අයුරින් රියෙහි වේගය වැඩිවීමෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල තාප්පයේ කොටසක් කඩා ගෙන ගොස් මාර්ගය අසළ නවතා තිබූ මෝටර් රථයකටද අලාබ හානි සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
අද(17) පෙරවරු 6.10ට පමණ අනතුර සිදුව ඇති අතර අනතුරින් රිය පැදවූ ගුරුවරියටද තුවාල සිදුව තිබෙන බවයි සදහන් වෙන්නේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලිසිය මගින් සිදුකරනු ලබන අතර මෙම අනතුරෙන් පාසල් දරුවන්ට කිසිදු හානියක් සිදු නොවූ බවයි වාර්තා වන්නේ.
මේ අනතුරෙන් තාප්පයට දැඩි හානියක් සිදු වූ අතර වාහනය පැදවූ පුද්ගලයාද තුවාල ලබා තිබෙනවා.