ඉන්දියානු දමිළ චිත්‍රපට ආභාෂයට ගනිමින් යාපනය ඇතැම් තරුණ පිරිස් පහරදීම් සිදුකරන බව පොලීසිය පවසනවා.
ඊයේ (15) දිනයේදී යාපනය - මනිපායි ප්‍රදේශයේ ස්ථාන දෙකක පුද්ගලයන් දෙදෙනෙකු කඩු පහරවලට ලක්වී තිබුණා.
මනිපායි ආනෙයිකෝට්ටේ - වරාගි අම්මාන් කෝවිල ආසන්නයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු කඩු පහරට ලක්වී ඇති අතර, යතුරුපැදිවලින් පැමිණි 4 දෙනෙකු එම ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති බව සඳහන්.
මේ අතර, මනිපායි ප්‍රදේශයේම වෙනත් ස්ථානයකදී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් 24 හැවිරිදි තරුණයෙකුට ද කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම සිද්ධීන් දෙකේ දී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ.
කවුරුන් විසින් මෙම පහරදීම් සිදුකර ඇත් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මීට පෙර ද යාපනය ප්‍රදේශයෙන් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා.
පොලිසිය සඳහන් කළේ මෙම පහරදීම් සිදුකර ඇත්තේ පසුගියදා යාපනය ප්‍රදේශයෙන් වාර්තා වූ ‘ආවා’ කල්ලියට අයත් පුද්ගලයින් නොවන බවයි.
ඇතැම් තරුණ පිරිස්, දමිළ චිත්‍රපට ආභාෂ කරගෙන ඒවා අත්හදාබැලීම සඳහා ඇතැම් ක්‍රියා සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.දමිළ චිත්‍රපටි වල වගේ ඇවිත් කඩු, කිනිසි වලින් මිනිස්සු මරන කල්ලිය තවත් අපරාධයක් කරයි.
ඉන්දියානු දමිළ චිත්‍රපට ආභාෂයට ගනිමින් යාපනය ඇතැම් තරුණ පිරිස් පහරදීම් සිදුකරන බව පොලීසිය පවසනවා.
ඊයේ (15) දිනයේදී යාපනය - මනිපායි ප්‍රදේශයේ ස්ථාන දෙකක පුද්ගලයන් දෙදෙනෙකු කඩු පහරවලට ලක්වී තිබුණා.
මනිපායි ආනෙයිකෝට්ටේ - වරාගි අම්මාන් කෝවිල ආසන්නයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු කඩු පහරට ලක්වී ඇති අතර, යතුරුපැදිවලින් පැමිණි 4 දෙනෙකු එම ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති බව සඳහන්.
මේ අතර, මනිපායි ප්‍රදේශයේම වෙනත් ස්ථානයකදී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් 24 හැවිරිදි තරුණයෙකුට ද කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම සිද්ධීන් දෙකේ දී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ.
කවුරුන් විසින් මෙම පහරදීම් සිදුකර ඇත් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මීට පෙර ද යාපනය ප්‍රදේශයෙන් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා.
පොලිසිය සඳහන් කළේ මෙම පහරදීම් සිදුකර ඇත්තේ පසුගියදා යාපනය ප්‍රදේශයෙන් වාර්තා වූ ‘ආවා’ කල්ලියට අයත් පුද්ගලයින් නොවන බවයි.
ඇතැම් තරුණ පිරිස්, දමිළ චිත්‍රපට ආභාෂ කරගෙන ඒවා අත්හදාබැලීම සඳහා ඇතැම් ක්‍රියා සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.