ලොව විශාලතම මෙන්ම වැඩිම පිරිසක් පිවිසෙන වැඩිහිටියන්ට පමණක් සීමා වූ හෙවත් නිල් චිත්‍රපටි නිකුත් කරන වෙබ් අඩවියකට ගිය වසරේදී පිවිසුණු පිරිස් සම්බන්ද සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙනවා.
මේ අනුව 2016 වසරට සාපේක්ෂව 2017 වසර සැලකීමේදී එම වෙබ් අඩවියට පිවිසීමේදී ඉහලම වර්ධනයක් පෙන්නුම් කල රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා එම වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවියට පිවිසීම ඉතා ඉහල අගයකින් වර්ධනය වී ඇති බවයි එම දත්ත වාර්තාවෙන් අනාවරණය වන්නේ.
එලෙස මෙම වෙබ් අඩවියට පිවිසීම ඉහල අගයකින් වර්ධනය වී ඇති අනෙක් රටවල් වන්නේ, දකුණු කොරියාව, උක්රේනය, තායිලන්තය, පේරු සහ තායිවාන් ඇතුළු රටවල් 10ක්.
මේ අනුව එම වෙබ් අඩවියට පිවිසෙන වර්ගීකරණයේ ශ්‍රී ලංකව ස්ථාන 96ක් ඉදිරියට පැමිණ තිබෙනවා.