Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
ලොවක් ආදරය කළ සුපිරි තරු ගැන කිසිවෙකු නොඇසූ ඇත්ත කතාවක් - Photos

- ලොවක් ආදරය කළ සුපිරි තරු ගැන කිසිවෙකු නොඇසූ ඇත්ත කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,200 Views
බොලිවුඩය කියලා කියන්නෙ එක අතකින් කට කතා පිරුණු පුරවරයක්. බොලිවුඩ් සිනමාවට එකතු වන ඕනෑම අලුත් සාමාජිකයෙකු වුණත් මේ හැදෙන කට කට කතාවලින් බේරිලා ඉන්න ටිකක් අමාරුයි.

ජනප්‍රිය නළු නිළියන්ට විතරක් නෙමෙයි එයාලාගේ දරුවන්ටත් මේ අසීමිත ජනප්‍රියත්වය නිසාම කට කතා හැදෙනවා.

ඒත් මේ කියන්න යන කතාව ටිකක් වෙනස් විදිහෙ එකක්.

අපි කවුරුත් නොදන්නා කතාවක්. අපිට හිතෙන්නෙ නැති වෙලාවකනෙ හැමදේම සිද්ධවෙන්නෙ. ඒත් මේ කියන්න  යන්නෙ ජනප්‍රියත්වය ලැබෙනා කියලා දැඩි විශ්වාසයකින් බොලිවුඩ් තරු හිතාමතා කරගත්ත දෙයක් ගැන. ඒ තමයි තමන්ගෙ ඇත්ත නමින් ඉන්දීය සිනමාවට පය තියන්නෙ නැතිව හිතාමතාම හදාගත්ත නම්වලින් ඉන්දීය සිනමාව අක්‍රමණය කරන්න හිතපු අය.

සමහර අයගෙ නම අහපු ගමන් හිතෙන්නෙ උච්චාරණයට අමාරු හින්දා ඒ අයගේ නම් වෙනස් කර ගන්න ඇති කියලා. තවත් නම් ඇහුවා හිතෙන්නෙ තියෙන නම නිසාම ජනප්‍රියත්වයට හානි වෙයි කියලා නම වෙනස් කර ගන්න ඇති කියලා.

මේ විදිහට බොලිවුඩ් තරුවල ඇත්ත නම් වෙනස් හොයද්දි හැමෝම ආදරය කරන චරිතයක් වගේම හැමෝම අහපු ගමන් දන්න නමක් තියෙන කෙනෙක් හමුවුණා.

ඒ තමයි අමිතාබ් බච්චන්. ඉන්දියාව විතරක් නෙමෙයි මුළු ලෝකයම දන්න බච්චන් පවුලේ මුල් පුරුක තමයි අමිතාබ් බච්චන්. එත් දැන් වයස අවුරුදු 75 ක් තිස්සෙ එයා හැම දේටම පාවිච්චි කරපු නමට හාත්පසින්ම වෙනස් නමක් තමයි අමිතාබ් බච්චන්ට තියෙන්නෙ. ඒ තමයි ඉන්කිලාබ් ශ්‍රීවස්ති කියන නම.  කොහොම වුණත් අමිතාබ් කියන නම ඉන්දීය සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි.

ඉන්දියාවේ සරාගීම නිළියන් අතරේ අදටත් මුල් පෙලේ ඉන්න චරිතයක් තමයි සනී ලියොන්. රංගනයෙන්, නර්තනයෙන් දක්ෂතා දක්වන සනී ලෝකයේම ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්නෙ නිල් චිත්‍රපට නිළියක් විදිහට. කැනේඩියානු සහ ඇමරිකානු සම්භවයක් ඇති සනී ලියොන්ට මේ වෙද්දි වයස අවුරුදු 36 ක් වෙනවා. පුරුද්දකට වගේ තමන්ගේ නම නිසාම කට කතා හදාගන්න සනී ලියොන්ගෙ ඇත්ත නම තමයි කරන්ජිත් කෞර් වොහ්රා කියන්නෙ.

සල්මන් ඛාන් කිව්වම ඉතින් අමුතුවෙන් කෙනෙක්ට අඳුන්වලා දෙන්න ඕනේ නෑ. සල්මන් ගොඩක් වෙලාවට කට කතා හදා ගන්නෙ එයාගේ පෙම්වතියෝ නිසා කිව්වොත් හරියටම හරි.
රංගනයෙන් උපරිමයෙන් තමන්ගේ දක්ෂතා පෙන්වන සල්මන් ඛාන්ට දැන් වයස අවුරුදු 52 ක් වෙනවා.

ඒත් සල්මන් ඛාන් මේ තරම් ජනප්‍රිය වුණේ එයාගේ ඇත්ත නමින් නෙමෙයි. සල්මාන් ඛාන්ගේ උපන් නම අබ්දුල් රෂීඩ් සලීම් ඛාන්.

කත්‍රිනා කායිෆ් කියලා කියන්නෙ ඉන්දීය සිනමාවේ ඉන්න සිහින කුමරිය කියලා කිව්වොත් වැරදි නැහැ. මොකද ඒ තරම්ම සුන්දර පෙනුමක් වගේම හැමෝගෙම ආකර්ශනය දිනා ගන්න විදිහෙ රංගන කුසලතාවක් ඇයට තියෙනවා. වයස අවුරුදු 34 ක් වුණු කත්‍රිනාට ඒ තරම් වයසක් තියෙනවා කියලා කාටවත් හිතන්න බැහැ. එංගලන්තයේ ඉපදුණු කත්‍රිනාගේ ඇත්ත නම අහන කෙනෙකුට නම් හිතෙන්නෙ උච්චාරණයේ තියෙන අපහසුතාව නිසා මේ නම වෙනස් කර ගත්තා කියලයි. එයාගේ ඇත්ත නම තමයි කැතී කුරුක්වොටේ කියන්නෙ.

ආක්ෂේ කුමාර් කියන්නෙ ඉන්දියාවේ ඉන්න කඩවසම්ම නළුවො අතරේ ඉදරියෙන්ම ඉන්න වගේම ධනවත්කම අතිනුත් ඉදිරියෙන් ඉන්න සුපිරි තරුවක්. වයස අවුරුදු 50 ක් වුණත් ඒ තරම් වයසක් නොපෙනෙන ආක්ෂේගේ ඇත්ත නම තමයි රජිව් හරි ඕම් භාතියා කියලා කියන්නෙ.

ඉතින් ඇත්ත නමින් නැතිව වෙනත් නමකින් වුණත් කරන්නෙ හොඳ වැඩක් හින්දා මෙයාලට තියෙන ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැහැ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  344 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,175 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,041 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,138 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,405 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,231 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,137 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,721 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,235 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top