පොලොන්නරුව මනම්පිටිය පැරණි දුම්රිය මාර්ගය අසල පිහිටි පාළු නිවසක තිබියදී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලොන්නරුව පොලිසිය විසින් අද (13) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා දැනට මාසයක පමණ කාලයක සිට එම පාළු නිවසෙහි තනිව ජීවත්ව තිබෙනවා.
මෙම නිවස දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් වන අතර මිය ගිය පුද්ගලයාගේ නමක් ගමක් වයසක් සොයා ගැනීමට නොහැකි බවත් නාඳුනන පුද්ගලයා කවුරුන්ද යන්න සොයා ගැනීමට මහා ජන සහය අවශ්‍ය බවයි පොලිසිය සදහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරු පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.