Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
13
"අවුරුදු 9ක් ඒ ආදරේ මං දිහා බලාගෙන හිටියා.." - රසිකයෙක් පෙම්වතා කරගත් හැටි අනුෂා කියයි

- "අවුරුදු 9ක් ඒ ආදරේ මං දිහා බලාගෙන හිටියා.." - රසිකයෙක් පෙම්වතා කරගත් හැටි අනුෂා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
"ඒ වගේ කෙනෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕන.."

"විවාහයට සුදානම් වෙනවා.."

නර්තනයේදී ඇස් වශී කරගන්න ඇය අනුෂා දමයන්ති. නර්තනයට වගේම රංගනයට දක්ෂ අනුෂා මේ අලුත් අවුරුද්දේ විවාහ වෙන්න සුදානම් කියලා කියනවා. ඒ ගැන වගේම අලුත් තොරතුරු ගැන පුවත්පතකට සඳහන් කර තිබුණා. මේ ඒ ගැනයි.


දැන් විවාහයට සුදානම් ද?
විවාහය කියන එක මට දැනුණේම නැති දෙයක්. මම නිදහස ගරු කරන කෙනෙක්. කොහොම වුණත් මේ අවුරුද්දේ නම් විවාහ වෙනවා. දැන් ඒකට සුදානම් වෙනවා.

අපිට ආරංචි වුණු හැටියට නම් අනුෂාගේ හිත සොරාගෙන තියෙන්නේ ව්‍යාපාරිකයෙක්.
ඒ කතාව ඇත්ත. එයා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒත් කාලයක් එයා කලාවට සම්බන්ධ වෙලා හිටියා. දැන් නම් කලාකටයුතු වලින් ඈත් වෙලා.

ඔයාලගේ ආදර කතාවට කොච්චර කාලයක් වෙනවද?
ඒ ආදරේට ඇත්තම කිව්වොත් අවුරුදු 9 ක්. ඒ ආදරේ මං දිහා බලාගෙන හිටියා. ඉතින් මේ අවුරුද්දේදී ඒ කියන්නේ අවුරුදු නමයකට පස්සේ ඒ ආදරේ සැබෑ වෙනවා.

අනුෂා එක පාරට ඔහුට කැමැත්ත දුන්නද?
අයියෝ නෑ . කාලයක් ගිහිල්ලා හම්බවුණු කැමැත්තක්.

හිත දිනාගත් ආදරවන්තයා මුණගැසුනේ කොහොමද?
එයා මගේ ආදරවන්තයා වීම ලස්සන කතාවක්. එයා මගේ රසිකයෙක්. රසිකයෙක් හැටියට තමා මට මුලින්ම කතා කළේ. ඉතින් කතා කළාට පස්සේ ඒ කතා කරන විදිය, අහපු ප්‍රශ්න ඒවා ටිකක් අමුතුයි කියලා මට තේරුණා. ඊට පස්සේ අපි දෙන්න දිගටම කතා කළා. පසුකාලීනව ඒක ආදරයකට පෙරළුණා. එයා ඇත්තටම ගොඩක් හොඳ මානුෂික කෙනෙක්. ආදරණීය කෙනෙක්. වැදගත් කෙනෙක්. ගැහැනු ළමයකුට කැමැති වෙන්න ඕන හැම ලක්ෂණයක්ම එයා ළඟ තිබුණා. ඒ වගේ කෙනෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕන. ඒ හැමදේම හරි ගියා. මම වාසනාවන්තයි.

නර්තනය වෙනුවෙන් කැපවෙන ඔබ තමන්ගේම ප්‍රසංගයක් නැත්නම් නර්තනායතනයක් පවත්වන්න අදහසක් නැද්ද?
ඔය දෙකම කාලෙක ඉඳන් තිබුණු මගේ බලාපොරොත්තු දෙකක්. ඒකට වැඩකටයුතු සුදානම් කරගන්න ඕන ඉතින්. හැමදේකටම වෙලාවක් තියෙනවා වගේම වෙලාවක් එයි කියලා විශ්වාස කරනවා. ඒක හෙමිහිට සිදුවේවි.

ප්‍රේක්ෂකයන් ආදරේට අනුෂාට කතා කරන්නේ 'Dancing Queen' කියලා.
මාව දැක්කහම හැමෝටම මතක් වෙන්නේ මගේ dancing පැත්ත. ඒ හැමෝම මගේ නර්තනයට ගොඩක් ආසා කරනවා. ඒ නිසයි මාව Dancing Queen කියලා හඳුන්වන්නේ. මගේ රංගනයට කැමැති අය මගේ නර්තනයටත් කැමැතියි. මාව ඒ දෙකෙන්ම අමතනවට මම කැමැතියි. මාත් එක්ක ගොඩක් අය එකතු වුණේ මගේ නර්තනය නිසා. මම සිනමාවට එන්නෙත් නර්තනය නිසා. නර්තනයෙන් තමා මට ජිවිතේ හැම දෙයක්ම ලැබුණේ. නර්තනය, රංගනය කියන්නේ මගේ ජිවිතේ ඇස් දෙක වගේ, මම හරි ආදරෙයි.

ටෙලිනාට්‍ය සහ සිනමාව අතරින් ඔබ වැඩි තැනක් දීලා තිබෙන්නේ සිනමාවට. ඒ ඇයි?
ඔව්. අනිවාර්යෙන්ම. මම සිනමාවෙන් නේ ආවේ. මෑතක් වෙනතුරුම මම සිනමාවේ තමා වැඩි දායකත්වයක් ලබා දීලා තියෙන්නේ. මම ටෙලි නාට්‍ය වලට ආවේ හරිම අඩුවෙන්. ආවේ නැති තරම්. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ දේට යනවා කියන අදහස තිබුණා. මම චිත්‍රපට 60 කට වඩා කළා. ටෙලි නාට්‍ය ගත්තොත් 10ට ත් අඩු සංඛ්‍යාවක් තමා මගේ තියෙන්නේ. ඒ කියන්නේ ටෙලි නාට්‍යවලට අකැමැතියි කියන එක නෙමෙයි.

සිනමාව තුළ මුණගැසුණු හොදම නළුවා කවුද කියලා ඇහුවොත්?
ඒක කියන්න බෑ. ඒක අපිට අපේ චරිතෙන් චරිතෙට හම්බවෙන්නේ. මගේ තියෙන වාසනාවට, මම සිනමාවට ආවේ O/L කරන්නත් කලින්. එහෙම ඇවිල්ලා මට ලංකාවේ සියලුම දැවැන්තයන් සමඟ රඟපාන්න ලැබුණා. මම හිතන්නේ මට ගාමිණී ෆොන්සේකා ශුරින් , ජෝ අබේවික්‍රම ශුරින් හැරුණු කොට අනිත් සියලුම දැවැන්ත නළු නිළියෝ සියලු දෙනාත් එක්ක රඟපාන්න අවස්ථාව හම්බවුණා. ඒ වකවානුවේ ආපු කිසිම කෙනකුට ඒ වගේ වාසනාවක් හම්බ වුණේ නැහැ.

රංගනය පැත්තෙන් මොනවද වැඩ කටයුතු?
පසුගිය දවස්වල 'අයියයි නංගියි', 'සීතල යුද්දේ' කියලා චිත්‍රපට දෙකක් කළා. දැන් ඒ දෙකේ වැඩකටයුතු අවසන්. නර්තන ප්‍රසංග සඳහා සහභාගී වෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top