Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
"අපි සර්ව සම්පුර්ණ කපල් එකක් නෙමෙයි..." - විවාහයෙන් පසුව කාවිංග විවාහය ගැන දැන් කියන්නේ මෙහෙමයි - Photos

- "අපි සර්ව සම්පුර්ණ කපල් එකක් නෙමෙයි..." - විවාහයෙන් පසුව කාවිංග විවාහය ගැන දැන් කියන්නේ මෙහෙමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,774 Views
"අපි බැන ගත්තා වචනවලින් ගහගත්තා.."

"මට කිසිදෙයක් හංගන්නේ නැහැ.."

පුංචි තිරයේ ඉන්න කඩවසම් ප්‍රේමවන්තයා සැබෑ ජීවිතයේදී ආදරණිය බිරිඳකට සැමියෙක් වුණා. ඔහු කාවිංග පෙරේරා. විවාහ වුණේ නිළියක් වගේ ලස්සන වෛද්‍යවරියක් එක්ක. ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වෙන්නේ කොහොම කියලා මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

කොහොමද අලුත් ජිවිතේ..?
අලුත් ජිවිතේ හොඳයි. තනිකඩව හිටපු කාලේ ඉවරයි. දැන් තිබුනටත් වඩා වගකීම් එක්ක ජිවත් වෙන්න වෙයි.

පෙම්වතියක් ඉන්නවා කිව්වට පෙම්වතිය ගැනවත් විවාහය ගැනවත් ප්‍රචාර දුන්නේ නැහැ..පෙම්වතිය ගැන හැංගුවේ ඇයි..?
ඒ හැමදේම එළියට දාන්න ඕන කියලා අපි හිතුවේ නැහැ. හැමදේම හරි විදිහට පිළිවෙලකට කරන්න තමයි අපි දෙන්නට ඕන වුණේ. ඒත් මම පෙම්වතියක් ඉන්නවා කියලා හැංගුවේ නැහැ. එයා සනායා පෙරේරා. වෛද්‍යවරියක්

ඔබදෙදෙනාගේ සම්බන්ධයට කපුකම් කළේ දුක්ගන්නාරාළ කියන්නේ ඇත්තද..?
අපේ සම්බන්ධයට කපුකම් කළේ දුකා අයියා තමයි. එයා සනයාගේ මාමා කෙනෙක්. මම දවසක් දුකා අයියාගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමයි මට සනායා ගැන කිව්වේ. දැන්මම බදින්නේ නැද්ද වයස යනවා නේද කියලා අහලා තමයි මට සනායා ගැන කිව්වේ. එයා එක්ක කතාබහ කරලා බලන්න කියලා එයාගේ දුරකථන අංකය මට දුන්නා. ඊට පස්සේ අපි කතා කළා.

මුල් කතාබහම ආදර කතාවට මුල පිරුවද..?
අපි මුලින්ම යාළුවො වගේ ආශ්‍රය කළා. අවුරුද්දකට පස්සේ තමයි ආදරේ කරන්න පටන් ගත්තේ. අපේ ආදර කතාවට අවුරුදු 3ක් විතර වෙනවා.

සනායාව ජිවිතයට තෝරා ගනිද්දී කාවිංගගේ අම්මා මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වුයේ..?
ඒ වෙනකොට මගේ අම්මට පිළිකාවක් හැදිලා හිටියේ. වෛද්‍යවරු කිව්වා අම්මා ජිවත්වෙන්නේ මාස 6යි කියලා. සනායාට අම්මාව බලන්න එන්න බැරි වුණා. මොකද එයා මුල් පත්වීම ලැබිලා තිබ්බේ දඹුල්ලට. එයාට නිවාඩු ගන්න පසුබිමක් තිබුණේ නැහැ. අම්මා අට කිව්වේ මට ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා.

අම්මා කිව්ව විදිහටම සනායා කියන්නේ කාවිංගව හොදින් තේරුම් ගත්ත කෙනෙක්ද..?
අපි කවුරුත් සියයට සියයක් සර්ව සම්පුර්ණ නැහැ. අපි දෙවිදිහක්. රැකියා දෙකක්. මගේ වැඩවලට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

කාවිංගට රංගන ක්ෂේත්‍රයේ ඕන තරම් තරුණියෝ මුණගැහිලා තියෙනවා ඇති. කාවිංගගේ හිත සනායා ලග නතර වෙන්න විශේෂ හේතුව මොකක්ද..?
කලා ක්ෂේත්‍රය කියන්නේ මගේ දෙවැනි පවුල. එතැනදී මට හමුවෙන රංගන ශිල්පිනියන් මම ආශ්‍රය කරන්නේ සහෝදර බැදීමකින්. අපි පැටියෝ, ඩාර්ලින් කිව්වට ඒක සහෝදර බැඳීමක්.  මම සනායාට කැමති වුණේ පොළොවේ පයගහලා ඉන්න හැමෝ එක්කම හිනා වෙලා ඉන්න චරිතයක් නිසා.  මගේ යාළුවන්ට වුණත් කියන්න ඕන දේ මුහුණටම කියනවා. ඒ වගේම මට කිසිදෙයක් හංගන්නේ නැහැ.

ඔය ආදර කතාවට බාධාවක් තිබුණේ නැද්ද..?
බාධා තිබුණේ නැහැ කිව්වොත් බොරුවක්. අපි සර්ව සම්පුර්ණ කපල් එකක් නෙමෙයි. අපි බැන ගත්තා වචනවලින් ගහගත්තා. මුල් කාලේ තිබ්බ ප්‍රශ්න එක්ක තමයි අපි පසු කාලීනව හැදුණේ. අපි දෙන්නම පවුලේ හුරතලයට හැදුණු දෙන්නෙක්. ඒ නිසා ඒ වගේ යම් යම් ගැටළු තිබුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  278 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,271 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,150 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,304 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,544 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,817 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,064 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,060 Downloads



Top 10 Commenters

Latest Comments

Top