හම්බන්තොට - තිස්සමහාරාම - ගෝනගමුව ප්‍රදේශයේ සමූහ දූෂණයට ලක්වූ වයස අවුරුදු 14 ක දැරියක් සියදිවි හානිකර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ 23 හැවිරිදි පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි.
පසුගිය 9 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.
ඔවුන් සැක පලකරන්නේ අදාළ තරුණයින් දැරියගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කර, ඉන් පසුව දැරිය දූෂණයට ලක් කරන්නට ඇති බවටයි.
දැරිය දූෂණය වූ දිනට පසු දින ඇය පදිංචි නිවසට පිටුපස පිහිටි කොහොඹ ගසක ගෙළ වැළාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහ කරමින් සිටියදී ඇගේ සොහොයුරා එය දැක මුදාගෙන හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවී ඇති අතර, තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව මෙම තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රදේශවාසීන් විසින් 11 වනදා අලුයම අල්ලා ගෙන පොලිස් අත්අඩංගුවට තිබුණු අතර එහිදී ඔවුන් තිදෙනාට ප්‍රදේශවාසීන් පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ මෙම තරුණයින් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවනවා.
දැරියගේ ඥාතීන් ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පොලීසිය සිදුකළ යුතු බවයි.
දැරිය මේවන විට හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
සියදිවි හානිකර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියහි මෙලෙස සඳහන් වනවා.
“ මම හිටියේ හොඳින් ඉගෙනගෙන ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වන්න. මට ඒ හීනේ නැතිවුණා. මම මගේ පවුලේ ඔක්කොටොමත් මගේ නෑදෑයින්ටත් ආදරෙයි. මම හිච්චා එක්ක යාළුවෙලා හිටියේ. ඌ මට බොරුවක් කළේ. ඌ තමයි අරුන් දෙන්නට කියලා මාව විනාශ කළේ. මට ගොඩක් දුකයි. මට මගේ පවුලේ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ.“