Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
ඇන්ජිට සුබ පතන ගමන් ස්ටීව් ස්මිත්ගේ සාර්ථකත්වයේ රහස ගැනත් සංගක්කාර හෙළිකරයි

- ඇන්ජිට සුබ පතන ගමන් ස්ටීව් ස්මිත්ගේ සාර්ථකත්වයේ රහස ගැනත් සංගක්කාර හෙළිකරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,843 Views
‘‘මම කියන්නේ කිසි කෙනෙක් මම වගේ වෙන්න එපා“
‘‘ඉංග්‍රීසි සේවකයකු කරගන්න. වහලකු වන්න එපා“
‘‘ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනයට එන්නෙ නෑ..“

කුමාර සංගක්කාර කියන්නෙ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු සේවයක් කළ ක්‍රීඩකයෙකු වගේම ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේද ගෞරවයට පාත්‍ර වූ සුපිරි පිතිකරුවෙක්.

ක්‍රිකට් වලට සමුදුන් පසුවත් කාර්යබහුල ජීවිතයක් ගෙවන සංගක්කාර පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් පහතින්...

ඕස්ට්‍රේලියාවේ මොකද කරන්නෙ?
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සාකච්ඡා කීපයකට සහභාගි වෙනවා. ලෝක ක්‍රිකට් කමිටු රැස්වීම් කිහිපයකුයි මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන්නෙ. ඉතිං ඒ සාකච්ඡා එක්ක දැන් කාර්යබහුලයි.

අන්තර්ජාතික ක්‍රිකට් සමුළුව ඇතුළේ වගකිවයුත්තෙක් ලෙස ඔබව ඉදිරියේදී දකින්න පුළුවන් වේවිද..?
නෑ. අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව කියන්නෙ ස්වාධීන ආයතනයක් නොවෙයි. එය ලෝකයේ සියලු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්වලින් කරන පත්කිරීම්වලට අනුකූලව සකස් වන සංයුතියක්. මගේ අරමුණක් නෑ අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව සමඟ එක්වෙන්න.  

ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට පැමිණීමේ අපේක්ෂාවකුත් නැ කියන එකද?
ඔව්. ඊටත් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඊට වඩා මට තවත් බොහෝ දේ කරන්න හැකි බවයි මම හිතන්නෙ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි කතා කරමු. දැන් නව එක්දින නායකයෙක් පත්  කරලා තියෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්. ඔබ ඒ ගැන මොකද හිතන්නෙ?
ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ හොඳ නායකයෙක්. හොඳ පිතිකරුවෙක්. ඔහුට බොහෝ දේ කරන්න හැකියි. දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, රංගන හේරත්, දිමුත් කරුණාරත්න වගේ ක්‍රීඩකයන් රැසක් කෙරේ නායකත්වය සඳහා අපිට විශ්වාසය තබන්න පුළුවන්. මෙතැනදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුවා අරගෙන තියෙන්නේ හොඳ තීරණයක්. අපි ඇන්ජිට සුබ පතනවා. ඔහු කාලයක් සාර්ථක නායකයෙක් වශයෙන් කටයුතු කළා. නායකත්වය බාරගැනීම සඳහා ඔහු නැවත තීරණය කිරීම ඔහුගේ පෞද්ගලික තීරණයක්. ඒක කණ්ඩායමට හොඳ ආරංචියක් වේවි.

ඔබත් හොඳ නායකයෙක්. ඇත්තටම හොඳ නායකයකු වෙන්න අවශ්‍ය ගුණාංග මොනවාද?
නිසැකවම ඔහුට යහපත් පෞරුෂයක් තියෙන්න අවශ්‍යයි. තමන්ගේ ක්‍රීඩකයන් කවුද, ඔවුන් සතු සුවිශේෂීතාවන් මොනවද කියන කාරණය ගැන නායකයකු වුණාම අවබෝධයක් තිබිය යුතුයි. ඒවගේම ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන නායකයාට සැලසුමක් තියෙන්න අවශ්‍යයි. ඒ සැලසුම අවශ්‍ය මොහොතක ක්ෂණිකව වෙනස් කරගනිමින් සෙසු ක්‍රීඩකයන් ඒ නව සැලසුමට හවුල් කරගන්න ඔහු දක්ෂ වෙන්න ඕනෑ. ඊළඟට තමන්ගේ සැලසුම් සෙසු ක්‍රීඩකයන්ගේ සැලසුම් බවට පත්කරගන්නටත් හැකියාවක් තිබිය යුතුයි. සියයට සියයක් කණ්ඩායමේ දක්ෂතා ලබාගන්න ඔහු දක්ෂ වීම වැදගත්.  

ලෝක ක්‍රිකට් පිටියේ සාර්ථක නායකයන් කීප දෙනෙකු වර්තමාන සමාජයේ අපි දකිනවා. ස්ටීවන් ස්මිත් වගේ නායකයකු නිර්මාණය වුණු ආකාරය පුදුමාකාරයි.ඔහු හැදෙන රහස පිටුපස ඕස්ට්‍රේලියානු නායකයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා වෙන්න බැරිද?
ඇත්තෙන්ම එතැන තියෙන්නේ ඔහු තුළ පවතින දැඩි විශ්වාසය. ඕනෑම තත්ත්වයකදී නායකයකු කැළඹිලි සහගත නොවිය යුතුයි. තමන්ගේ ඉලක්කය මොකක්ද, එය සම්පූර්ණ කරගන්නේ කොහොමද, ඒ සඳහා තෝරාගත යුතු ගමන් මාර්ගය කුමක්ද යන කරුණු ස්ටීවන් ස්මිත් වගේ ක්‍රීඩකයෙකු හොඳින් යොදා ගන්නවා. ඔහු කරන්නේ තමන් ඉදිරියේ තියෙන අභියෝගයට සාර්ථකම පිළිතුර ගෙන එන එක. ඒ නිසයි ඔහු ඔබ කියන ආකාරයේ අතිසාර්ථක නායකයකු වන්නේ.
 
දැන් අපි ඔබේ කාර්යබහුලත්වය එක්ක පෞද්ගලික ජීවිතය පැත්තට නැඹුරු වෙමු. ඇත්තටම ඔබ සතුව දියුණු පෞරුෂයක් තියෙනවා. මේ දේ ඇති වුණේ ස්වභාවිකවද? පවුල් පසුබිමෙන්ද? එහෙමත් නැත්නම් ඔබ දැන උගත් පාසල ඔස්සේද?
මේ හැම දෙයක්ම පුද්ගලයකුගේ සාර්ථකත්වයට බලපානවා. මම මගේ මාපියන්ට, සහෝදර සහෝදරියන්ට හුඟාක් ළංවෙලා ජීවත් වුණා. ඒ අය කියන කරන දේවල් සමඟ සමීපව ජීවත් වුණා. ඒක හරිම ශක්තිමත් ජීවිතයක් නිර්මාණය කරනවා. අනෙක මගේ පාසල. එතැනින් මට බොහෝ දේ උකහාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මම ඇසුරු කරන සමාජය. එයත් වැදගත්. මම කරන සියලු දේට හොඳයි, ඔව් කියන අයට වඩා ධනාත්මක විවේචන කරන මිතුරන් අපි වටා සිටිය යුතුයි. මගේ ජීවිතය පුරා මම ඒ දේ ලබාගෙන තියෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ පරිචය ඔබ මෙතරම් සාර්ථක කරගත්ත එක දැනගන්න හුඟාක් තරුණ පරපුර කැමතියි.
ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්. එය ප්‍රයෝජනයට ගන්න බයවෙන්න හරි පැකිලෙන්න හරි එපා. එය සේවකයකු කරගන්න. එයට වහලකු වන්න එපා. පුළුවන් තරම් කියවන්න. බැරි බැරිව කතාකරන්න. එහෙම කතාකරන අයව හාස්‍යයට ලක්කරන්න එපා. එයයි ඉංග්‍රීසියේ දක්ෂතා වැඩි වර්ධනය කරගැනීමේ රහස.

කුමාර සංගක්කාර කියන්නෙ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි, ලෝකය තුළත් ඕනෑම තරුණයකුට හොඳ නිදර්ශන සපයන්නෙක්.?
මම කියන්නේ කිසි කෙනෙකුට මම වගේ වෙන්න හදන්න එපා කියල. කුමාර සංගක්කාර කියන්නේ කුමාර සංගක්කාරටයි. ඔබ මා කිව්ව කාරණා මත පිහිටලා ඔබ තුළ සිටින ඔබට වර්ධනය වන්න ඉඩදෙන්න. එවිට අභියෝග කළ නොහැකි ඔබව ඔබට දැකගන්න හැකි වේවි.

කසුන් ඉරුග්බණ්ඩාර
Make a Comment
Make a Comment






Recent Gossip Post




Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  768 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  3,348 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,524 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,009 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  3,965 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,287 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,529 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,035 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,211 Downloads

Ma Handawa - Amarasiri Peiris
Ma Handawa
Amarasiri Peiris
⤵  3,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top