‘‘අපේ අම්ම cancer hospital එකේ නවත්තලා ඉන්නෙ..“
‘‘හිත උණු වෙලා අතේ තිබුණු 1500 ම මේ තරුණයට දුන්නා“
‘‘අනේ මහත්තයො අපි තලවකැලේ..“
කොළඹ යාචකයින් දැන් වැහි වැහැලා.
යන එන අතරමග බොහෝ තැන්වලදී මගීන්ට කරදරයක් වන තරමටම යාචකයන් වැඩිවෙලා.
කලර් ලයිට්වල, පෝය දාට පන්සල ළඟ, සිකුරාදාට මුස්ලිම් පල්ලි ළඟ යාචකයින්ගේ බිස්නස් එක නැගලා යනවා.
මේ යාචකයන් දිනකට රුපියල් 5000 කට වැඩි මුදලක් හොයා ගන්නවා කියලත් අපට දැනගන්නට ලැබුණා.
කොහොම වුණත් මේ වෙද්දි යාචකයන්ගේ බිස්නස් එක නැගලම යනවා කියලා තමයි ආරංචිය.
මේ අතර අලුත්ම විදිහට ආපු හිඟන බිස්නස් එකක් ගැන තරුණයෙකු මුහුණු පොතට අපූරු සටහනක් එක් කරලා තිබුණා.