ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අළු බදුන තරගාවලිය තරග 4-0ක් ලෙස ජයගැනීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි සේ කතා බහට ලක්වුණා.
නමුත් ඔවුන් අළු බඳුන ජයග්‍රහණය සැමරූ ආකාරය පිළිබද මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.
අළු බඳුන ජයග්‍රහණය සමරන සාදයේදී ෂෝන් මාර්ෂ් සහ ජැක්සන් බර්ඩ් දුම්වැටියක් උරන ජායාරූප පෙළක් මේ වනවිට ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වන අතරතුර මේ ගැන කල විමසීමකදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන ප්‍රධානියා පවසා තිබුනේ, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අදහස් පලකල නොහැකි බවයි.
නමුත් ක්‍රීඩකයින් වශයෙන් තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගැනීමට කටයුතු කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයේ ප්‍රධානියා මෙම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම ගැන දැඩි විරෝධයක් පල කරමින් පවසා ඇත්තේ, සුපිරි තරු ලෙස ජනතාවගේ ගෞරවයට ලක්ව ඇති මෙම ක්‍රීඩකයින් ප්‍රසද්ධියේ මෙලස දුම්වැටි භාවිතය පිළිගත නොහැකි බවයි.
ෂෝන් මාර්ෂ් සහ ජැක්සන් බර්ඩ් වැනි උගත් අයගෙන් මෙවැනි හැසිරීමක් තමන් බලාපොරොත්තු නොවූ බවයි ඔහු පවසන්නේ.