Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
පොලිසියෙන් දෙන දඩ කොළයේ සිදුවන අලුත්ම වෙනස මෙන්න - Photos

- පොලිසියෙන් දෙන දඩ කොළයේ සිදුවන අලුත්ම වෙනස මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,555 Views
රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ, අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථානයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ජාතික රතුකරුස සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ප්‍රථමාධාර වැඩසටනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි.

එහිදී අමාත්‍යවරයා මෙලෙස පැවසුවා.

"අපි මීට වඩා ඉදිරියට යනවා. දඩ කොළ නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිත කරන්න අපි වැඩපිළිවෙලක් හදනවා. විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලදී තාක්ෂණය භාවිත කරන්න අපි සැලසුම් සකස්කරමින් ඉන්නවා. වැරැද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරැද්ද මොකක්ද කියන දේත් එක්ක දඩ කොළය ගෙදරට යවන ක්‍රමයේ ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බලන්න කටයුතු කරනවා. එතකොට ඉතින් උසාවියට ගිහින් තර්ක කරගන්න පුළුවන්.

අපිට එතකොට නිලධාරීන් රථවාහන රාජකාරි සඳහා යෙදවීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම මම පොලිස්පතිතුමාට උපදෙස් දුන්නා රථවාහන කොට්ටාසයේ නිලධාරීන් සේවය කරන ස්ථානයේ ඇති දුෂ්කරතාව අනුව ඔවුන්ට දීමනාවක් දෙන්න කටයුතු කරන්න කියලා. ඒ දීමනාව දඩ පත්‍රිකාවලින් එකතු වෙන මුදල්වලින් ගෙවන්න පුළුවන්. මම ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමතය ඉල්ලන්න සූදානම්. ඒකට පසුබිම සකස්කරලා දෙන්න කියලා මම කියලා තියෙනවා.

වාහන අනතුරු නිසා දිනකට ජීවිත දහයක් විතර නැතිවෙනවා. මේ අනතුරු වලින් ජීවිත නැතිවීමේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා අනතුරට ලක්වුණු තුවාල කරුවන් රෝහලට ප්‍රවාහනය කරන ආකාරය අනුව. සහරවිට බේරගන්න පුළුවන් ජීවිත පවා නැතිවෙනවා. මේ කරුණු කාරණා නිසා තමයි අපි මේ පිළිබඳ පුහුණුවක් ලබා දෙන්න කටයුතු කළේ. අපි මේකට මුලින්ම පොලිස් නිලධාරීන් සහ ත්‍රීරෝද රථ රියදුරන් මුලින්ම තෝරා ගත්තේ රියඅනතුරක් වෙලාවේ දී තුවාලකරුවන් රෝහල්වෙත ගෙනයාමට මුලින්ම දායක වෙන්නේ ඒ පිරිස් නිසා.

රථවාහන පොලීසියේ නිලධාරීන් පුදුම දුකක් විඳින නිලධාරීන් පිරිසක්. ඔවුන්ට අව්ව , වැස්ස කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. වතුර ගලනවා කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. මම ඒ නිලධාරීන්ට මගේ ප්‍රශංසාව පුද කරනවා. ඒ වගේම ඔවුන්ට මම කියනවා තවදුරටත් ඒ සේවය ජනතාව වෙනුවෙන් හොඳින් ලබා දෙන්න කියලා. අද කොළඹ නගරයේ විශාල රථවාහන තදබදයක් තියෙනවා. මේ තරම් වාහන ප්‍රමාණයකට කොළඹ නගරය සැලසුම් කරලා නැහැ. ඒ සඳහා වැදගත්ම දේ තමයි රියදුරන්ගේ විනය ඇති කිරීම.

අපි විනය ඇතිකරන්න දඩ කොළයක් දුන්නාම පොලිස් නිලධාරීන් බැණුම් අහන්න ඕන රියදුරන්ගෙන්. ඊට පස්සේ වීඩියෝ කරලා ෆේස්බුක් දාල තවත් බනිනවා. කවුරු වැරදි කරලා තිබුණත් හැම වෙලාවෙම බැණුම් අහන්නේ පොලිස් නිලධාරියා. නමුත් මම පොලිස් නිලධාරීන්ගෙන් එක දෙයක් ඉල්ලනවා. ඒ තමයි කවුරු මොන කතා කිව්වත් තමන්ගේ රාජකාරිය වෘත්තිය මට්ටමකින් කරන්න කියන දේ . කවුරු මොනවා කිව්වත් ඒවාට උත්තර දෙන්න නොයා නිශ්ශබ්දව අදාළ වැරුද්දට සරිලන දඩ කොලය දෙන්න".



Make a Comment
Make a Comment






Recent Gossip Post




Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  222 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  71 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  746 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  906 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,448 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,086 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,296 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,489 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,456 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,674 Downloads



Top 10 Commenters

Latest Comments

Top