Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
"එයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා අද ආරංචි වුණොත් එයා හෙට ඉන්න එකක් නෑ..." - වොල්ගා කල්පනී

- "එයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා අද ආරංචි වුණොත් එයා හෙට ඉන්න එකක් නෑ..." - වොල්ගා කල්පනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,578 Views
"අනියම් සම්බන්ධතා කියන දේවල් ඇති වෙන්න පුළුවන්.."

"මම එයාගේ තීරණවලට බලපෑම් කරලා නැහැ.."

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන් දකින්න ලැබෙන රුවක්. ටෙලි නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙන ඇය අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි

වොල්ගා මේ දවස්වල කාර්යබහුල වෙලාවත්ද?
මම සාමාන්‍යයෙන් කාර්යබහුල නිළියක් නෙමෙයි. මේ දවස්වල ටෙලි නාට්‍ය තුනකට සම්බන්ධවෙලා ඉන්නවා.

රංගනය වෙනුවෙන් වැඩිපුර කාර්යබහුල නොවන්නේ රංගනය තුළ ලොකු ලොකු හීන නැති නිසාද?
රංගනය තුළ මට ලොකු ලොකු හීන තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් ගොඩක් දේවල් බදාගෙන අනවශ්‍ය විදියට කාර්යබහුල වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මම කාර්යබහුල නොවෙන්න හේතුව තමයි හර්ෂණ. මොකද එයා මටත් වඩා කාර්යබහුලයි. ඉතින් මම ඕනවට වඩා දේවල් බදාගෙන ජීවිතේ කියන කෑල්ල නැතිකර ගන්න කැමැති නැහැ.

ඒ කියන්නේ හර්ෂණගේ කාර්යබහුලත්වය නිසා වොල්ගා පවුල් ජීවිතේ වගකීම් වැඩිපුර දරනවා කියන එකද?
අපි දෙන්නම වගකිම් කියන දේ දැනගෙන වැඩ කරන්නේ. ඒ නිසා අපිට වගකීම් මඟහැරෙන්නේ නැහැ. හර්ෂණ කියන්නේ ජනප්‍රිය තලයේ නළුවෙක්. ඉතින් මට හැමදාම ඕන වුණේ හොඳම කියන කෑල්ල මගේ නමට ඉස්සරහින් දාගන්න. ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මම මගේ විදියට හිමින් ගමනක් යනවා.

'හොඳම' කියන කෑල්ල රංගනයේදී විතරක් ඕන දෙයක්ද?
නැහැ. සැබෑ ජීවිතයෙදිත් මට ඒක ඕන. හොඳම රංගන ශිල්පිනියක් කියනවා වගේම කාටවත් කරදරයක් නොවී හොඳ විදියට සැබෑ ජීවිතයෙදිත් මට ජීවත් වෙන්න ඕන.

හර්ෂණ වොල්ගාට වඩා ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වය අභිභවන්න, තරග කරන්න ඕන කියලා හිතිලා නැද්ද?
හස්බන්ඩ් එක්ක තියා කිසිම කෙනෙක් එක්ක තරග කරන්න මම කැමැති නැහැ. හර්ෂණ දැනට නාට්‍ය පනස් හතරක් විතර කරලා තියෙනවා. මම තාම කරලා තියෙන්නේ නාට්‍ය දහයක් වගේ. දක්ෂ, ආකර්ෂණීය, කඩවසම් සැමියෙක් මට ලැබිලා ඉන්න එක ගැන මට ආඩම්බරයි.

හර්ෂණ රඟපෑ යුතු නිළියන් තෝරන්නේ වොල්ගාද?
නැහැ. මම එයාගේ තීරණවලට බලපෑම් කරලා නැහැ. මොකද හර්ෂණට මට වඩා අත්දැකීම් තියෙනවා. හැබැයි මම මගේ අදහස් එයාට කියලා තියෙනවා.

හැබැයි ක්ෂේත්‍රයේ අය නම් කියන්නේ හර්ෂණ සමහර නිළියන් එක්ක රඟපානවට වොල්ගා කැමැති නැහැ කියලා?
එහෙම එකක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ ඇට නැති දිව එක එක පැත්තට හැරෙනවනේ. ඒකයි ඔය වගේ කතා කියනවා ඇත්තේ. මට මොන නිළියක් එක්කවත් තරහක් ප්‍රශ්නයක් නැහැ. හර්ෂණ ගොඩක් රංගන ශිල්පිනියන් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ අය මං ගැන දන්නවා. ඔහොම කතා කියන්නේ ඇයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම යම් චරිතයක් මෙයා කළා නම් හොඳයි නේද වගේ අදහස් කියලා තියෙනවා.

හර්ෂණත් වොල්ගාගේ තීරණවලට බලපෑම් කරන්නේ නැද්ද?
නැහැ. රඟපෑමේදී විතරක් නෙමෙයි කිසිම දේකට ඕනවට වඩා ඇඟිලි ගහන පුරුද්දක් එයාට නැහැ. එයා හොඳ තේරුම් ගැනීමකින් ජීවත්වෙන කෙනෙක්.

හර්ෂණ - වොල්ගා සැබෑ ජීවිතේ වගේම නිර්මාණවලටත් ගළපනවා නේද?
ඔව්. ගොඩක් අය කැමැතියි අපි දෙන්නා එකට රඟපානවට. අපි අලුත් ටෙලි නාට්‍යයකත් එකට රඟපෑවා. සැමියයි බිරියයි එකට රඟපාද්දි අනෙක් අයට වඩා ඒක ලස්සනට කරන්න පුළුවන්. මොකද දෙන්නට දෙන්නව දැනෙන ප්‍රමාණය වැඩි නිසා. මටත් හර්ෂණව ගොඩක් දැනෙනවා. ඒ නිසා කරන නිර්මාණ ලස්සනට කෙරෙනවා.

විවාහ වෙලා වසර දෙකක් විතර වෙනවනේ. ප්‍රේමවන්තයා කාලේ හිටපු හර්ෂණ තාමත් වෙනස් වෙලා නැද්ද?
අපි අවුරුදු දහහතක් විතර ආශ්‍රය කරලා විවාහ වුණේ. හර්ෂණ ඒ කාලෙත් ගැහැනු ළමයින්ව ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඒ කාලේ මම හර්ෂණට කැමැති ගැහැනු ළමයින්ට එයාගේ ෆෝන් නම්බර් එකත් දීලා තියෙනවා. බැන්දට පස්සේ එයාට යෝජනා වැඩිපුර එනවා. අපි තේරුම් අරගෙන, අනවශ්‍ය ප්‍රශ්න ඔළුවට දාගෙන ඉන්නේ නැති නිසා හර්ෂණගේ ආදරේ තාමත් මට වෙනසක් නැතුව ලැබෙනවා.

හර්ෂණට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචි වුණොත්?
එයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා අද ආරංචි වුණොත් එයා හෙට ඉන්න එකක් නෑ. අනියම් සම්බන්ධතා කියන දේවල් ඇති වෙන්න පුළුවන්. මම හිතනවා බුදුන් දෙවියන් අදහා ගෙන ඉන්න අපිට ඒ වගේ ප්‍රශ්නයකට කවදාවත් උත්තර දෙන්න ලැබෙන්න එපා කියලා.

ඔය පුංචි කැදැල්ලට පුංචි අමුත්තෙක් දැන්මම ගේන්න අදහසක් නැද්ද?
ජීවිතේ අපිට අවශ්‍ය දේවල් පිළිවෙළට හරි විදියට ලැබුණා. අපි, ස්වභාවධර්මය, දෙවියන් කැමැති වෙලාවට ඒ අමුත්තත් අපි අතරට එයි. ඒකට හැබැයි ටිකක් කල් යයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,236 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,139 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,416 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,000 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,942 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,367 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,875 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,122 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,521 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,578 Downloads



Top 10 Commenters

Latest Comments

Top