දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයට පැමිණ සිටි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරග පරාජයට අමතරව එම නගරයේ මේ දිනවල පවතින ජල අර්බුදයට මුහුණ පෑමට සිදු වී තිබෙනවා.
මේ දිනවල කේප්ටවුන්හි පවතින උග්‍ර ජල හිඟය නිසා විනාඩි දෙකකට අධික කාලයක් දිය නෑමෙන් වළකින ලෙස ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් උපදෙස් දුන් බවයි ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කළේ.
විනාඩි දෙකකට අධික කාලයක් ජල ස්නානය කිරීමෙන් වළකින ලෙස කේප්ටවුන්හි ජනතාවට පනවා ඇති දැඩි තහංචිය ජනවාරි පළමුවෙනිදා පටන් බල පැවැත්වෙනවා.
මේ දිනවල කේප්ටවුන්හි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27C ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
"දැඩි හිරුරැස් මැද විඩාබර සහ දහඩියෙන් තෙත් වූ ඉන්දීය ක්‍රීඩකයන් ඔවුන්ගේ හෝටලයට ලඟා වූ අවස්ථාවේ එහි බල පැවැත්වෙන ජල පරිභෝජන කොන්දේසි දැනුම් දෙනු ලැබ ඇතැයි" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කළා.
"ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ වැඩි දෙනෙක් ඔවුන්ගේ මව්බිමේ ගම්බිම්වල පවතින ජල ප්‍රශ්න පිළිබඳව අත්දැකීම් ඇති අයයි. ඒ නිසා කේප්ටවුන් බලධාරීන් ඉහත කී ආකාරයේ තහංචියක් පැනවීමේ පසුබිම ඔවුන්ට තේරෙනවා. නමුත් විනාඩි දෙකේ ජල ස්නාන කාලය ප්‍රමාණවත් නැහැ" 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබුනා.
කේප්ටවුන්හි බල පැවැත්වෙන ඉතා දැඩි ජල පාලන කොන්දේසි අනුව එක් නිවසක් සඳහා මාසයකට සැපයෙන්නේ ජල ලීටර් 10,500 ක් පමණි.
කෙසේ වුවත් මේ ජල අර්බුදය මැද කේප්ටවුන්හිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී දකණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව ලකුණු 72කින් පරාජය වුනා.
කෙසේ වුවත් දෙවන ටෙස්ට් තරගයට එක්වීම සදහා මේ වන විටත් ඉන්දීය කණ්ඩායම සෙන්චූරියන් නුවරට ගොස් ඇති නිසා දැන් නම් ඔවුන්ට ජලය සම්බන්දයෙන් ගැටලුවක් නොමැති බවයි වාර්තා වන්නේ.