බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (10) කැඳවා තිබූ විශේෂ පාර්ලිම්න්තු සැසිවාරය අතරතුර ඇති වූ ගැටුමකින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද තුවාල ලැබුවා.
මේ අතර, කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ අදාළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස පක්ෂ නායකවරුන් කළ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 10.30 ට රැස්වුණා.
කෙසේ වෙතත් ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවට බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබා නොදීම පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූදේ පහතින්
"අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතුද යන්න එසේ නම් ඔවුන්ට විරුද්ධව ගත හැකි නීතිමය පියවර මොනවද යන්න පිළිබඳ මා නීතිපතිවරයාගේ උපදෙස් විමසා සිටියා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි රජය විසින් අඛණ්ඩව නිසි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතු සීමා කරමින් සමාගම සතු මුදල් බැහැර කිරීම වළක්වාලීමේ නියෝග නිකුත් කළා. 2017 ජූලි 6 වැනි දින එම සමාගමේ සියලු ව්‍යාපාරික ක්‍රියාකාරකම් තහනම් කළා. ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව මෙම ගනුදෙනුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවී ඇති අලාභය රුපියල් බිලියන 11 ක් බවට සඳහන් වෙනවා. දැන් ඉතිරිව ඇත්තේ නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුවී ඇති අලාභය නැවත අය කර ගැනීමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව ................. කඩිනමින් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙයයි. එසේම 2008 වසරේ සිට 2017 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කරයේ සිදුවී ඇති අවභාවිතයන් පිළිබඳව සියලු වංචා සොයා බලා වැරදි කරුවන්ට දඬුවම් දීමට අපි කටයුතු කරනවා. 2008 සිට 2014 වසර දක්වා රුපියල් බිලියන 5147 ක් බැදුම්කර නිකුත් කර තිබෙන අතර ඉන් උපයන බිලියන 4702 ක් බැදුම්කර නිකුත් කර තිබෙන්නේ පුද්ගලික සෘජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ. මේ කිසිවකට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැහැ. මේ කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කළ යුතුයි.මහජන නියෝජිතයන්වන අපත් මේ රටේ ජනතාවත් ඒ අභිරහස් පිළිබඳ දැනුවත් විය යුතුය.
- මම කෑගහනකොට මේ ගොල්ලෝ කෑගහන්න ආ...
- කවුද හොරා...මහින්ද හොරා...කවුද හොරා...මහින්ද හොරා..."
එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වූ අතර ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වුණා.
කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය පල කළා.
ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ද සභා ගර්භය මධ්‍යයට පැමිණ ඊට ප්‍රතිචාර දැක්වීමත් සමග ගැටුමක් ඇති වුණා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්, ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් එය වැළකී ගියා.
තත්ත්වය පාලනය කරගැනීම සඳහා කතානායකවරයා පියවර ගත්තේ පාර්ලිමේන්තුව පක්ෂ නායක රැස්වීමක් සඳහා විනාඩි 10 කට කල්තැබීමටයි.
පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා යලි සභාගර්භයට පැමිණ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට පහර දී තිබෙනවා.
අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ එහිදී රංජිත් සොයිසා මන්ත්‍රීවරයාද එම ගැටුමට මැදිහත් වූ අතර චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට පහරදීමට උත්සාහ ගත් බවයි.
ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා විසින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට පහර දී ඇත්තේ ඉන් අනතුරුවයි.
අනතුරුව ගැටුමට මැදිහත් වූ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම වට වී පහර දීම හෙතුවෙන් ඔහු තුවාල ලබා තිබුණා..
ගැටුමෙන් රංජිත් සොයිසා, චමින්ද විජේසිරි, කවින්ද ජයවර්ධන, ප්‍රසන්න රණතුංග, ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇති බව වාර්තාවුණා..
මෙම සිද්ධියෙන් අනතුරුව යලි පාර්ලිමේන්තුව රැස්වුණා.
එම තීරණයට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පල කළ අතර ඔවුන් සභා ගර්භයෙන් පිටව ගියා.VIDEO