Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
"එක වරම හෙණයක්‌ ගැසුවා වගේ විශාල ශබ්දයක්‌ ආවා..." නැවක වැදී පෙරළුණු බෝට්ටුවේ සිටි ධීවරයෙක් කියයි

- "එක වරම හෙණයක්‌ ගැසුවා වගේ විශාල ශබ්දයක්‌ ආවා..." නැවක වැදී පෙරළුණු බෝට්ටුවේ සිටි ධීවරයෙක් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,448 Views
"ගොළු  මල්ලි ඇනියේ එල්ලිලා හිටියා.."

"පස්‌සේ දැන ගත්තා ඩයිස්‌ මාමා මියගිහින් කියලා.."

"එක වරම හෙණයක්‌ ගැසුවා වගේ විශාල ශබ්දයක්‌ ආවා. මම හිතුවේ හෙණයක්‌ ගැසුවා කියලා. අපි හිටපු බහුදින යාත්‍රාව නැවක වැදී ඇති බව දැනගත්තේ පසුව.."බව බහුදින යාත්‍රාවක්‌ හා නැවක්‌ එකිනෙක ගැටීමෙන් වූ අනතුරින් දිවි බේරාගත් ධීවර කාර්මිකයකු වන 58 හැවරිදි ජයන්ත නෝමන්ද සිල්වා පවසනවා.

දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක්‌ පමණ ගැඹුරු මුහුදු සීමාවේදී නදීකා 02 බහුදින යාත්‍රාව භාණ්‌ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර ඒ පිළිබඳ තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඔහු කියන්නේ,

"ඒ වෙලාවේ බෝට්‌ටුව අරගෙන ආවේ මම. නැවේ ස්‌කිපර් වශයෙන් කටයුතු කළ හිච්චා කීවා මාමේ නැව කියලා. ඔහු වීල්එක ගත්තා. මම කිව්වා අනික්‌ පැත්තට කපන්න කියලා. නැවේ බඳේ වැදුණු බෝට්‌ටුව මුණින්අතට පෙරළුණා. මම බෝට්‌ටුවේ කැබින් එක අල්ලාගෙන හිටියා. මම බෝට්‌ටුව පෙරළුනාට පසු ජනේලය අල්ලාගෙන හිටියා. වතුරත් මගේ ඔළුවට උඩින් ආවා. ජනේලයෙන් එළියට ආවා. නැවේ මාරියාවත් එක්‌ක මට බෝට්‌ටුව අල්ලා ගන්න බැරිවුණා.

විනාඩි 10 ක්‌ විතර ගිහින් බෝට්‌ටුව අල්ලා ගත්තා. බෝට්‌ටුවේ එල්ලී හිටියා. නැවෙන් ලයිට්‌ ගහනවා. පස්‌සේ බෝට්‌ටුවේ තිබූ දැලේ එල්ලිලා බෝට්‌ටුව උඩට ආවා. හැරිස්‌ මුදලාලි ඇසුවා ඉන්නේ කොහොද කියලා. මචං මම ඉන්නේ බෝට්‌ටුවේ උඩ කියලා කීවා නැව ගියා උඩට එන්න කීවා. පස්‌සේ බලන විට ගොලු මල්ලි ඇනියේ එල්ලිලා හිටියා. අනික්‌ කට්‌ටියට මොකද වුණේ කියලා මම දන්නේ නැහැ. විනාඩි 45 කට පමණ පස්‌සේ නැවෙන් බෝට්‌ටුවක්‌ ඇවිත් මම හා ගොලු මල්ලි බේරාගත්තා.. බෝට්‌ටුවේ මුදලාලි බේරාගන්න විට උදේ හත විතර වුණා. බෝට්‌ටුව අනික්‌ පැත්තට ගැසුවාට අඩියක්‌ විතර පේන්න තිබුණා. මුදලාලි බෝට්‌ටුව අල්ලාගෙන ඉඳලා තියෙනවා. නාවික හමුදාවෙන් තමයි මුදලාලි බේරාගත්තේ.

09 වැනිදා උදේ දැල වට කරා මාළු ටිකක්‌ හසුවුණා. ඩයිස්‌ මාමාට දැල ඇදගන්න බැරිවුණා. හිච්චා ආවා ඉස්‌සරහට. නෝමන් අයියේ බෝට්‌ටුව ඇතුලේ ඩයිස්‌ මාමා වැටුණා කියලා. ඔහු දැල ඇදලා මහන්සියෙන් හිටියේ. වතුරත් බීලා තියෙනවා. පස්‌සේ දැන ගත්තා ඩයිස්‌ මාමා මියගිහින් කියලා. පස්‌සේ ඔහුගේ සිරුර වටේ අයිස්‌ තියලා බෝට්‌ටුවේ ඇනියේ තිබ්බා. අපි ගොඩබිමට එන්න පිටත්වුණා. හික්‌කඩුවට එන්න තමයි පිටත් වුණේ. කෑම කෑවෙත් නැහැ. වතුර බිබී තමයි ආවේ. ගොලු මල්ලි කීවා මාමේ බඩගිනියි කියලා. පස්‌සේ ක්‍රිම් කැකර් බිස්‌කට්‌ එකක්‌ කාලා යට ඇඳේ හාන්සි වුණා. හිච්චා බෝට්‌ටුව පදවාගෙන ආවා. රසික මට කථා කළා රාත්‍රි 10.12 ට විතර. මම වීල්එක ගත්තා. සැතපුම් 45 ක්‌ විතර තියෙනවා කියලා මා කීවා..."

එහෙම කියාල විනාඩි දෙක්‌ක ගියේ නැහැ. හෙණයක්‌ ගහනවා වගේ බෝට්‌ටුව නැවේ වැදිලා පෙරළුණා යෑයි ධීවර කාර්මිකයා සදහන් කළා.

මෙම අනතුරෙන් ධීවර කාර්මිකයන් දෙදෙනකු මියගිය අතර තිදෙනකු තුවාල ලැබීය. තවත් ධීවර කාර්මිකයන් දෙදෙනෙකු අතුරුදන් වුණා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,618 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  8,210 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,494 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,151 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  392 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,274 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,440 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,719 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,709 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,478 Downloads



Top 10 Commenters

Latest Comments

Top