Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
"ගෙදරින් පිටවෙන්න කලින් වයිෆ් මුලින්ම අහන්නේ අද ගෙදර එන්නේ කීයටද කියලා.." - මලින්ද වර්ණපුර - Exclusive

- "ගෙදරින් පිටවෙන්න කලින් වයිෆ් මුලින්ම අහන්නේ අද ගෙදර එන්නේ කීයටද කියලා.." - මලින්ද වර්ණපුර - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,807 Views
"පහසුකම් මදිකම තරඟ පරාජය වෙන්න හේතුවක් කියන්න බැහැ..."

"ඒ ගැන ඇත්තටම කනගාටුවක් තියෙන්නේ.."

මලින්ද වර්ණපුර කියූ සැණින් ඒ කව්ද මොනවද කළේ කියලා මතක තියෙන අයත් ඉන්නවා. මලින්ද කියන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඔහු වමත් පිතිකරුවෙක් වගේම දකුණතින් පිටදඟපන්දු යවන්නෙක්. ටෙස්ට් හා එක් දින තරඟ නියෝජනය කළ මලින්ද යළිත් කරළියට පැමිණ තිබෙනවා. ඒ ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට. මේ ඔහු ගැන තොරතුරුයි.

මලින්ද අලුත් අවුරුද්ද සුබද..?
මේ අවුරුද්ද හොදයි කියලා හිතනවා. කවුරු මොනවා කිව්වත් දවස සුබ කරගන්න ඕන අපිමයි. ඒ නිසා මම කොහොම හරි මේ අවුරුද්දත් හොඳ සතුට පිරුණු අවුරුද්දක් කර ගන්න උත්සහ ගන්නවා.

බොහෝ කාලෙකට පස්සේ මලින්ද ගැන ආයෙමත් කතා කරන පිරිසක් මතු වෙලා..?
ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට සමු දුන්නට පස්සේ කතාබහ වෙන එක අඩු වෙලා තිබ්බා තමයි. දැන් නම් කතා කරන්නේ මම විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කරන නිසයි. විස්තර විචාරකයෙක් විදිහට ක්‍රීඩා ලෝලීන් අතරට යන්න ලැබීමත් හොද දෙයක්. ආයෙමත් මගේ ක්‍රීඩා ජීවිතය මතක් කර දීමක් වගේ හැගීමක් විදිහටයි මට නම් දැනෙන්නේ.

ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙලා බොහෝ කාලයක් ගත වුණා නේද .. ?
ජාතික කණ්ඩායමත් එක්ක මම අන්තිමට ක්‍රීඩා කළේ 2009 වර්ෂයේ. ඊට පස්සේ ජාතික කණ්ඩායමෙන් සමු ගත්තා. ඒත් මම ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩා කළා. මම අන්තිමට ක්‍රීඩා කළේ බ්ලුම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට. ඒ 2012 අවුරුද්දේ. එතැනින් පස්සේ නම් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරන්න අවස්ථාව ගත්තේ නැහැ. ක්‍රීඩකයාගේ භූමිකාවට සමුදුන්නා.

තමන් කැමැත්තෙන් නියැලුණු වෘත්තීයකට විශ්‍රාම යාමට පෙර සමුදීම ඇසිරූ කටයුත්තක්. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී. ක්‍රිකට්වලට සමුදෙන්න ඔබටත් හිත හදාගන්න අමාරු වෙන්න ඇති..?
ක්‍රීඩකයෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න දුකක් ඇති වුණා. නමුත් මට සතුටු වෙන්න හේතු තිබුණා. ක්‍රිකට් ආරම්භ කළ මුල් කාලේ මම හිතාගෙන හිටියේ කවදාහරි දවසක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා කියලා. ඒ වගේම මට ඒ අවස්ථාව ලැබුණා. මම මුලින්ම එක්දින තරගයක් නියෝජනය කළේ 2006 අවුරුද්දේ. ඊට පස්සේ ටෙස්ට් වරම් හිමි වෙනවා. මුලින්ම මම ටෙස්ට් මැච් එකක් ප්ලේ කරනකොට මට වයස අවුරුදු 27යි. මම ක්‍රිකට් වලින් සමුගන්නකොට දක්ෂ ක්‍රීඩකයින් ගොඩක් හිටියා. ඉතින් මම හිතුවා හරි අවස්ථාවේදී සමුගන්න එක හොදයි නවකයින්ට අවස්ථාව දීලා කියලා.

ඇතැම් ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ හරි අඩුවෙන්. ඔබේ දක්ෂතාත් හරියාකාරයෙන් පෙන්වන්න අවස්ථාව ඔබට ලැබුණේ නැහැ කිව්වොත්..?
මම නම් එහෙම හිතන්නේ නැහැ. මට ලබා දුන් අවස්ථා ගැන මම සෑහීමකට පත් වෙනවා.

ඔබ දැන් ක්‍රිකට් පුහුණුකරුවෙක්. පාසල් ළමුන් එක්ක කටයුතු කරන එක අපහසු ඇති..?
මම ක්‍රීඩකයෙක් විදිහට විශ්‍රාම ගියාට පස්සේ අවුරුදු දෙකක් බ්ලුම් ෆීල්ඩ් ක්ලබ් එකේ පුහුණුකරු විදිහට වැඩ කළා. දැන් වර්ෂ 3ක ඉදලා ශාන්ත පීටර විදුහලේ ක්‍රිකට් පුහුණුකරු. පාසල් ළමුන් එක්ක ටිකක් වැඩ කරන්න අමාරුයි. නමුත් උනන්දුවෙන් ක්‍රීඩා කරනවා. ඒ නිසා මමත් හරිම කැමැත්තෙන් මගේ රාජකාරිය කරන්නේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සෑහෙන පසුබෑමකට ලක් වෙලා. ඒ ගැන ඔබට මොනවාද කියන්න තියෙන්නේ..?
අපේ කණ්ඩායම එක දිගට තරග පරාජය වීම ගැන ඇත්තටම කනගාටුවක් තියෙන්නේ. මිට වඩා හොද මට්ටමකට ක්‍රිකට් ගෙන එන්න පුළුවන්. ඒක ක්‍රිකට් පරිපාලකයින්ගේ වගකීමක්. ඒ වගේම පළමු පෙළ කණ්ඩායම තුළ දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ගෙන් අතිදක්ෂයින් තමයි ජාතික කණ්ඩායමට ගන්නේ. ඒ නිසා මුලින්ම පළමුපෙළ ක්‍රීඩකයින් දක්ෂ මට්ටමකට ගෙන එන්න වැඩපිළිවෙලක් ගෙන එන්න ඕන. මම හිතනවා මේ වෙනකොට ඒ දේ සිදුවෙමින් තියෙනවා කියලා.

ඇතැම් ක්‍රීඩකයින් නම් චෝදනා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ පහසුකම් මදි කියලයි..?
අපි ක්‍රීඩා කරන කාලේ වගේම ඊට පෙරත් ඔය කියන පහසුකම් හරිම අඩුවෙන් තිබුණේ. නමුත් පරාජය වීම් අඩුවෙන් හා ජයග්‍රහන වැඩිපුර දකින්න ලැබුණා. පහසුකම් මදිකම තරග පරාජය වෙන්න හේතුවක් කියන්න බැහැ.

ඒ දවස්වල ක්‍රිකට් නිසා පවුල මගහැරුණු ඔබට දැන් පුද්ගලික ජිවිතේට මුල් තැන දෙන්න කාලයක් ඇති..?
ඉස්සර නම් ක්‍රිකට් නිසා මට දරුවෝ දෙන්නා බිරිඳව සෑහෙනට මිස් වුණා. ඒ නිසාමයි මම ක්ලබ් ප්ලේ කරන එකත් නතර කළේ. දැන් වෙනසකට තියෙන්නේ ඉස්සරට වඩා දැන් ඉරිදා නිවාඩු පාඩුවේ කාලය ගත කරන්න පුළුවන් වීම විතරයි. පුහුණුකරුවෙක් විදිහට කාර්ය බහුලයි. උදේ ගෙදරින් පිට වුණාට පස්සේ ගෙදර හැමදාම එන්නේ රෑ හත අටට.

ඔබට තිබෙන කාර්යබහුලකම එක්ක බිරිඳ දැන් කියන්නේ නැද්ද ක්‍රිකට් වලින් සම්පුර්ණයෙන්ම සමුගන්න කියලා..?
එදා ඉදලම ගෙදර වැඩවලින් මාව නිදහස් කරලා මගේ වැඩ කරගන්න මට උදව් කරන්නේ මගේ බිරිඳ. එහෙම නම් කියන්නේ නැහැ. ඒත් හැමදාම උදේ මම යන්න ලෑස්ති වෙනකොට මගේ බිරිඳ මගෙන් අහන්නේ " අද ගෙදර එන්නේ කීයටද.. ඊයේ වගේ අදත් පරක්කුයිද.. හෙටත් වැඩද.." මේ ප්‍රශ්න ටික තමයි.

දරුවෝ ගැන කිව්වොත්..?
මට ඉන්නේ දුවයි පුතයි. දුව 5 වසර ඉගෙන ගන්නේ. පුතා දෙක වසර. දෙන්නම හුරතල් වයසේ ඉන්නේ. අපි සතුටින් ජිවත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තරග ඔබ නරඹනවද..?
පුළුවන් හැම වෙලාවකම තරග නරඹනවා. සමහර තරඟ සජීවීව බලන්න යනවා.

හර්ෂණී වීරරත්න
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,279 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,122 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,702 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,921 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,111 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,519 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,340 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top