Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
අනියම් පෙම රහ වැටී රෑ සමනළියක් කැන්දන් ආ ‘‘බූරු මෙන්ඩිස්“ ඝාතනයේ සැඟවුණු කතාව - Photos

- අනියම් පෙම රහ වැටී රෑ සමනළියක් කැන්දන් ආ ‘‘බූරු මෙන්ඩිස්“ ඝාතනයේ සැඟවුණු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,502 Views
‘‘හොර මිනිහත් එක්ක එකතු වෙලා තමයි මේක කළේ“
‘‘මට මෙයා එක්ක පවුල් කන්න දෙන්නේ නෑ“
සුදු කොඩි දානවා කියලා ඔය ගෑනි මට කියලා තිබුණා ”

සිය නීත්‍යානුකූල සැමියා වූ අජිත් පුෂ්පකුමාරගෙන් දික්කසාද වනතුරු ඇයට ඉවසිල්ලක් තිබුණේ නැත. ඇය ඔහුගෙන් දික්කසාද වීම උදෙසා ගම්පහ දිසා අධිකරණයේ පැවරූ දික්කසාද නඩුවේ අවසන් තීන්දුව දෙන දිනය මෙම මස විසි හතර වැනිදාට යෙදී තිබිණි. එතෙක් ගෙවී ගියේ නඩුවේ නයිසර්ගික කාලයයි.

ඇයට සිය කසාදය කටුගා දැමීමට එතරම් තදියමක් තිබුණේ සිය අනියම් සැමියා හා නීත්‍යානුකූලව විවාහ වීමටය. එදින උදාවන තුරු ඇය නිකම් හිටියේ නැත. අනියම් පුරුෂයා හා පවුල් කෑවාය.

ඇයට හිසරදයක්ව සිටි නිත්‍යානුකූල සැමියා වූ අජිත් පසුගිය තිස් වැනිදා රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය. ඒ ඔහුට අයත් නිවෙසේ ඔහු නීතියෙන් විවාහ වූ දෙවන බිරිය සමඟ කල් ගෙවන අතරතුරේය.

ඔහු ඇය ද විවාහ කරගෙන සිටියේය. එහෙත් එම විවාහය වලංගු නැත. ඊට හේතුව ඔහුට පළමු විවාහයෙන් තවමත් දික්කසාදය ලැබී නොමැති වීමය. එබැවින් ඔහුට විරුද්ධව ඔහුගේ පළමු බිරිය නිකවැරටිය අධිකරණයේ බහු විවාහ නඩුවක් ද පවරා තිබුණාය.

එම බහු විවාහ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනේ මෙම මස තුන්වැනිදාටය. අජිත් වෙඩි පහරින් මිය යන්නේ ඊට දින පහකට පෙරය.

තත්ත්වය මෙසේ තිබිය දී දික්කසාදය අබිමුවෙහි සිටින පළමු බිරියත්, බහු විවාහය හේතුවෙන් අජිත්ට දඬුවම් ලැබේ යැයි බියෙන් සිටි දෙවන බිරියත් කඩවත පොලිසියේදී කෙහෙවලු පටලවා ගන්නට වූයේ අජිත් ගේ මළ සිරුරට අයිතිවාසිකම් කියමිනි.

මෙය අවනඩුවකි. පොලිසියට විසඳීමට නොහැකි තරම් වූ නඩුවකි. කිසිම ඵල ප්‍රයෝජනයක් වටිනාකමක් නැති තව පැය කිහිපයකින් කුණු වී ඕජස් ගලන තත්ත්වයට පත්වන මළ සිරුර ඉල්ලා මේ දෙදෙනා සටනට පිවිස තිබුණේ නීතිඥවරුන්ගේ ද සහාය ඇතිවය.

මේ උගතෝකෝටික ප්‍රශ්නය විසඳීම සඳහා පොලිසියට අධිකරණයේ සහාය ලබා ගැනීමට සිදු වූයේ බිරියන් දෙදෙනාම මළ සිරුර ඉල්ලා අල්ලන පොරය ලෙහෙසි පහසු නොවූ නිසාය.

අවසානයේ මළ සිරුර බාර දිය යුත්තේ කවුරුන්ට දැයි අධිකරණය තීරණය කළේය. ඒ අනුව අජිත් ගේ මළ සිරුර භාර කෙරුණේ ඔහුගේ මවටය. එනම් ඩබ්ලිව් කුසුමාවතීටය.

ගැහැනුන් දෙදෙනකු සිය පුතුගේ මළ සිරුර බෙදාගැනීම උදෙසා සටන් වදින දෙස උපේක්ෂාවෙන් බලා සිටි මේ අම්මා අවසානයේ පුතුගේ සිරුර සිය නිවෙසට ගෙන ගියේ මායාවක් වූ මේ ලෝකයේ දරුවකු වෙනුවෙන් නොසැලී සිටින එකම සෙවනැල්ල අම්මා පමණක් බව ලොවට කියාපාමිනි.

රණවක ලියනගේ අජිත් පුෂ්පකුමාර නම් වූ මොහු 37 හැවිරිදි දෙදරු පියෙකි. විවාහ දෙකකට උරුමකම් කී සැමියෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි. ‘‘බූරු මෙන්ඩිස්“ යන අනවර්ථ නාමය මොහුට පටබැඳි තිබිණි. ඒ කලක් මොහු බූරු පිටියක් කරගෙන ගිය නිසා බව කියයි. එබැවින් ඔහු වැඩි පිරිසක් අතර ප්‍රසිද්ධව සිටියේ “බූරු මෙන්ඩිස්” ලෙසටය.

මොහු කෝටිපති ව්‍යාපාරිකයකු වූයේ මුදල් පොලියට දීමෙනි. මොහුගෙන් පොලියට මුදල් ලබා ගැනීමට ආ පිරිස් අතර කෝටි ප්‍රකෝටිපතියෝ ද වූහ. ඔවුන් මොහු ළඟ උකසට තැබුවේ රුපියල් කෝටි ගණන් වටිනා වාහනය.

එනම් රාත්‍රී සමාජ ශාලාවලට කැෂිනෝ ක්ලබ්වලට රාත්‍රියේ එන මේ කෝටිපතියන් රැය පහන් වනතුරු අතේ ඇති මුදල් වියදම් කරයි. අත වූ සියලුම මුදල් ඔට්ටු වලට පරාද වූ පසු ඉතිරි වන්නේ එළියේ නවතා තබා ඇති සුඛෝපභෝගී මෝටර් රථය පමණි.

උදේ රැයින් අජිත් හමුවට එන මෙවැන්නෝ සිය මෝටර් රථය උකසට තබා තමන්ට අවශ්‍ය මුදල ලබා ගෙන “ක්ලබ්” එකේ ණය පියවා ගෙදර යන්නේ පාරේ යන දුප්පතාගේ හිතවත් වාහනය වන ත්‍රිරෝද රථයකිනි.

සුඛෝපභෝගී මෝටර් රථ උකසට ගෙන ඉල්ලුම්කරුට ලක්ෂ ගණන් මුදල් දීමට තරම් නිතරම මොහු අත මුදල් ගැවසිනි.

මෙලෙස ලක්ෂ කෝටි ගණනින් මුදල් ගනුදෙනුවල යෙදුණ මොහු ගනේමුල්ල මෙන්ම කඩුවෙල, රණාලේ පාතාලය සමඟ ද සුහදව සිටි බව කියයි.

ගනේමුල්ල මාකිලන්ගමුවේ සංජීව නැමැති පාතාල කල්ලි නායකයා සමඟ මෙන්ම රණාලේ සමයං ද මොහුගේ හිතවතකු වී සිට ඇත.

සමයං ගේ ගෝලයන් මොහුට උදව් පදව් කිරීමට ද ඉදිරිපත් වූ අවස්ථා බොහෝය. ඒ පොලියට දුන් මුදල් ආපසු ගැනීමට අපහසු වූ අවස්ථා වලදී ඒවා ලබා ගැනීම සඳහා තග් පාටි දැමීම සඳහාය.

මොහු වරක් අල්ලපු ගමේ පුද්ගලයකුට පහර දී තිබිණි. ඊට දින කිහිපයකට පසු පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ පුතා මිතුරන් කිහිපදෙනකු ද සමඟ මොහුගේ නිවෙස අසලට ගොස් මොහුට පහර දුන්නේය. ඒ වනවිට මොහු අසල තිබූ මංගල උත්සවයකට සහභාගී වී සිට ඇති අතර බීමත්ව සිටිය ද මොහුගෙන් එම තරුණයන්ට දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල වී තිබිණි.

ඔහු තවත් මිතුරකු හා එක්ව මේ එක් තරුණයකුගේ අතක් කැඩෙන ලෙස පොල්ලකින් ගසා තිබිණි. අවසානයේ මොහු පොලිසියේ පැමිණිල්ලක් ද දමා තම ගෙල බැඳ තිබූ පවුම් විස්සක් වටිනා රන් මාලය මෙම තරුණයන් සොරා ගත් බවට පවසා තිබිණි.

එහෙත්  අවසානයේ මාලයේ වටිනාකම ලෙස රුපියල් ලක්ෂ දාහතක මුදලක් මොහුට ගෙවීමට එම තරුණයන්ට සිදුව තිබිණි.

මොහු පළමු බිරියගෙන් වෙන් වන්නේ 2011 වර්ෂයේදීය. ඇය මොහුගේ නිවෙසින් පිටව යන අතර ඒ වනවිට මේ යුවළට දරුවන් දෙදෙනකු සිටියේය. මවුපිය ආරවුල මැද දරු දෙදෙනා දෙපැත්තට යමින් කල් ගෙවූ අතර දරුවන්ගේ අයිතිය උදෙසා දෙදෙනාම නීතියේ පිහිට ද පැතූහ.

අජිත් හැර ගිය බිරිය පෙම්වතකු සොයා ගන්නා අතර ඔහු යුද හමුදාවේ සේවය කළ අයෙකි. ඇය ඔහු සමඟ නීත්‍යානුකූල නොවන ලෙස පවුල් කද්දී අජිත්ගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් ද පැවරුවේය.

මේ අතරතුර අජිත් ද නිකම් සිටියේ නැත. ඔහු ද ගැහැනියක නිවෙසට කැඳවාගෙන ආවේය. ඇය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. අජිත් ට ඇය මුණ ගැසෙන්නේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදීය.

ඇය එම සමාජශාලාවේ සේවය කළ රෑ සමනලියකි. අජිත් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් සතුටු වන අතරතුරදී හමු වූ ඇය නිවෙසට කැඳවාගෙන ආවේ මීට වසර එක හමාරකට පමණ ඉහතදීය. මෙලෙස කල් ගත වෙද්දී දිනක් අජිත් සිය වැඩිමල් දියණිය ද ඇදගෙන කඩවත පොලිසියට ගියේය. ඒ ඇයට සිදුවූ අතවරයක් ගැන පැමිණිලි කිරීමටය. පැමිණිල්ල වූයේ පහළොස් හැවිරිදි සිය දියණියට පළමු බිරියගේ අනියම් සැමියා ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවය.

මෙම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දැරියගේ මවගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගත් අතර මවත් එම පුරුෂයාත් පවසා සිටියේ එවැනි අතවර කිරීමක් සිදු නොවූ බවය.

එහෙත්  දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරිය.

පසුව දෙපාර්ශවය එකඟ වී 343 වගන්තියට අනුව නඩුව සමථයකට පත් කරගෙන තිබිණි. එහෙත් පසුව දැනගන්නට ලැබුණේ එවැනි අතවර සිද්ධියක් වී නොමැති බවත් අජිත් එවැනි පැමිණිල්ලක් කොට තිබුණේ දියණිය සිය භාරයට ගැනීම උදෙසා බවත්ය.

මේ අතර රාත්‍රී සමාජ ශාලාවෙන් උස්සාගෙන ආ රෑ සමනලිය මාස කිහිපයකට පසු මොහු සමඟ අමනාප වී නිවෙසින් යන්නට ගොස් තිබිණි. ඇය ගැන සොයා බැලූ අජිත් ට දැනගන්නට ලැබුණේ ඇය යළිත් රාත්‍රී සමාජශාලාවේ සේවයට ගොස් ඇති බවය.

අනතුරුව ඇය සොයා එම සමාජ ශාලාවට ගිය අජිත්ට එහි සිටි “බවුන්සර්” ලා හොඳ හැටි පහර දී එළවා දමා තිබිණි.

අවසානයේ ඇය යළි අජිත් සමඟ පැමිණි අතර ඇය ද නීතියෙන් විවාහ කර ගැනීමට අජිත් කටයුතු කළේය. ඒ ඇය ආපසු යාවිදැයි ඇති වූ සැකය, බිය නිසා විය යුතුය. එහෙත් පළමු විවාහයෙන් දික්කසාද නොවී දෙවැන්නක් කර ගත්ත ද එය නීත්‍යානුකූල නොවන බවත්, එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අජිත් දැන නොසිටින්නට ඇත.

දික්කසාද නඩුවේ අවසන් තීන්දුවත් බහු විවාහ නඩුවේ අවසන් තීන්දුවත් ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී අජිත් වෙඩි තබා මරා දමන්නේ දෙසැම්බර් මස තිස් වැනිදා රාත්‍රියේය.

එදින අජිත්, දෙවන බිරිය මෙන්ම අජිත්ගේ මව ද මෙම නිවෙසේ රූපවාහිනි නරඹමින් සිට ඇත. වේලාව රාත්‍රි අට පසුවෙද්දී මෙම නිවෙස ඉදිරිපිටට යතුරුපැදියක් එනු අජිත් ද දකින්නට ඇත. ඒ නිවෙසේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරාවලින් විය යුතුය. නිවෙස අසලට ආ එක් පුද්ගලයකු නම කියා අජිත්ට කතා කර තිබිණි.

ඒ වනවිට රූපවාහිනිය නරඹමින් සිටි අජිත් බුරුල් වී තිබූ සරම සකසමින් ඉදිරිපස දොර අසලට පැමිණ ඇත. ඒ සමඟම පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු අජිත් ඉලක්කකොට වෙඩි පහරක් එල්ල කළේය.

ටී - 56 ගිනි අවියකින් එල්ල වූ එකම වෙඩි උණ්ඩය අජිත් ගේ හිස පසාරු කරගෙන යද්දී ඒ ක්ෂණයෙන් අජිත් බිම ඇද වැටුනේය.

ප්‍රහාරයට පැමිණි දෙදෙනා යතුරු පැදියෙන් පලා ගිය අතර මෙම තොරතුර කඩවත පොලිසියට වාර්ථා වනවිට වේලාව රාත්‍රී 8.15 පමණ වී තිබිණි. තොරතුර දුන් අය පවසා සිටියේ කඩවත, රන්මුතුගල, අංක 55/1 ඒ දරණ නිවෙසේ පදිංචි මුදල් පොලියට දෙන අජිත් ට වෙඩි තබා ඇති බවයි.

තොරතුර ලද වහාම පොලිස් කණ්ඩායමක් එම නිවෙසට යන අතර ඒ වනවිට අජිත් රෝහලට රැගෙන ගොස් තිබිණි. එහෙත් රාගම රෝහලේ පොලිසියෙන් කඩවත පොලිසියට දැනුම් දුන්නේ ඇතුලත් කරන විටද ඔහු මියගොස් සිටි බවයි.

පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අජිත් ඝාතනය කාගේ වැඩක් දැයි සෙවීම සඳහා තොරතුරු එක්රැස් කිරීමට පියවර ගත්තේය.

අජිත් ගේ දෙවන බිරිය පවසා සිටියේ මෙය පළමු බිරියගේ වැඩක් බවය.

“ඒ ගෑනි හොර මිනිහත් එක්ක එකතු වෙලා තමයි මේක කළේ. මට මෙයා එක්ක පවුල් කන්න දෙන්නේ නෑ. සුදු කොඩි දානවා කියලා ඔය ගෑනි මට කියලා තිබුණා. ඒක තමයි මේ කළේ.”

ඇය මෙලෙස දිගින් දිගටම අජිත්ගේ පළමු බිරියට චෝදනා කරද්දී පළමු බිරිය සැමියා අයිති තමන්ට බව පවසමින් ඔහුගේ මළ සිරුර තමාට ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

මේ අතර මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ බස්නාහිර උතුර (පෑලියගොඩ) අපරාධ විමර්ශන ඒකකයට ද පැවරීමට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පියවර ගත්තේය.

කඩවත පොලිසිය සහ පෑලියගොඩ ඒකකය ඝාතකයන් සොයා මෙහෙයුම් දියත් කොට ඇත.

ඝාතකයන් පැමිණි ආකාරයත්, එකම වෙඩි පහරක් පමණක් එල්ල කිරීමත් පිළිබඳ අවධානය යොමු කරද්දී එක් කරුණක් සනාථ වේ. ඒ මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත බවය.

වෛරය පිරිමසා ගැනීම උදෙසා මොහු ඝාතනය කිරීමට පැමිණියේ නම් ඝාතකයා එක් වෙඩි පහරකින් සෑහීමකට පත් වන්නේ නැත. සිතෙහි ඇති වෛරය පහව යනතුරුම මොහුට වෙඩි තබනු නියතය. එනම් පළමු වෙඩි පහරින්ම මොහු මිය ගිය ද මළ සිරුර කුඩු වන තරමට ම වෙඩි තබනු ඇත.

එහෙත් නිවැරදි ඉලක්කයට සිරුරේ හොඳම මර්මස්ථානයක් වූ හිසට එකම එක වෙඩි පහරක් පමණක් තබා මොවුන් යන්නට ගියේ කොන්ත්‍රාත්තුවට අනුව අවශ්‍ය එකම දෙය මොහු මරා දැමීම පමණක් නිසා විය යුතුය.

කෙසේ වෙතත් අජිත් ඝාතනයේ තොරතුරු මේ වනවිට ටිකෙන් ටික හෙළිවෙමින් පවතී.

තක්ෂිලා ජයසේකර

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,270 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  573 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,020 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,906 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,634 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  505 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,345 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,244 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,799 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,290 Downloads



Top 10 Commenters

Latest Comments

Top