19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක්ද නැතිනම් හයක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥ සංගමයට දන්වා ඇත්තේ මේ පිළිබඳව ලබන 11 වැනිදා විමසා බලන බවයි.
1978 ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාට වසර 6 ක ධූර කාලයක් හිමි වුණත් එම ධුර කාලය වසර 5 ක් දක්වා අඩු කරන්නට 19 වැනි සංශෝධනයෙන් පියවර ගත්තා.
එම සංශෝධනය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාටත් වලංගුද යන්නයි මෙම ඉල්ලීමෙන් අසා ඇත්තේ.