එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට පහර දුන් පුද්ගලයා බීමතින් සිට ඇති අතර නිවසේ තිබූ රූපවාහිනි සම්බන්ධතාවය විසන්ධි වීමක් හේතුවෙන් උරණ වීමක් නිසා මෙලෙස පහරදීම සිදුකල ඇති බවටයි යාපනය පොලීසිය සැක පල කරන්නේ.
යාපනය දිස්ත්‍රීක්කයේ පවතින සන්නිවේදන ගැටලු හේතුවෙන් යාපනයේ බහුතරයක් රැහන් සහිත (කේබල් රූපවාහිනි) රූපවාහිනි සම්බන්ධතා බාවිතා කරන අතර දයා මාස්ටර් අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් එවැනි රැහන් සහිත රූපවාහිනි නාලිකාවක සේවය කරයි.
එම දෙමළ රූපවාහිනි නාලිකාවේ සමබන්ධතාවයට මුදල් නොගෙවීම නිසා විසන්ධිවීම හේතුවෙන් එයට උරණ වූ යාපනය අංක 212/ 02 ප්‍රධාන පාරේ පදිංචි 52 හැවිරිදි මේසස් සද්ගුණදාස් නැමැත්තා අධික ලෙස මත්පැන් පානය කොට දයා මාස්ටර්ගේ රූපවාහිනි නාලිකාවට පැමිණ පහර දී ඇති බවටයි යාපනය පොලීසිය සැක පල කරන්නේ.
සැකකරු විසින් සිදු කරන ලද පහරදීම් වලින් දයාමාස්ටර්ගේ දකුණු අතේ ඇගිලිවලට සුලු තුවාල සිදුව ඇති අතර රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට තරම් තුවාල සිදුව නැති බවයි යාපනය පොලීසිය කියා සිටියේ.