වව්නියාව මහරම්භකුලම් ප්රදේශයේ සැමියා විසින් බිරිඳව මරා දමා සැමියාද ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මියගිය දෙපළගේ මෘත ශරීරයන් අද(9 ) උදෑසන මහරම්භකුලම් පොලීසියට හමු වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව මහරම්භකුලම් ප්රදේශයේ පදිංචිව සිටි සෙල්වම් පුෂ්පරාණි වන දමිළ කාන්තාවක් හා පියසේනගේ එදිරිසිංහ වන සිංහල පුද්ගලයෙක්.
ඊයේ (08) රාත්රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මිය කාන්තාවගේ පළමු සැමියා මීට පෙර ඇය අතහැර ගොස් ඇති අතර ඝාතනයය සිදුකළ තැනැත්තා ඇයගේ දෙවන සැමියා බවට අනාවරණය වී තිබෙනවා.