Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
රූකාන්තගේ බාල දියණිය වින්ඩි හා සනුක අතර ප්‍රේම සම්බන්ධය ගැන සනුක හෙළි කරයි - Photos

- රූකාන්තගේ බාල දියණිය වින්ඩි හා සනුක අතර ප්‍රේම සම්බන්ධය ගැන සනුක හෙළි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,328 Views
"ලිංගිකත්වය, නිරුවත නිර්මාණ සඳහා යොදා ගැනීම වරදක් නැහැ.."

"විවාහ වෙන්න තව වයස තියෙනවා.."

සනුක වික්‍රමසිංහට සංගීතය ඕපපාතිකයක් නෙමෙයි. ප්‍රවීණ ගායක සංගීත් වික්‍රමසිංහගේ පුතණුවන් ඔහුයි. ඔහුටම ආවේණික වූ හඩකින් ගයන සනුක වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම සිටින ගායකයෙක් කිව්වොත් නිවැරදියි. පෙරවදනක් වී ගීතයත් එක්ක සනුක ගැන වැඩිපුර කතා කරනවා. ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වින්ඩි ගුණතිලකගේ පෙම්වතා කියලත් කියනවා. මේ ඒ ගැන පුවත්පතකට ඔහු සදහන් කර තිබු ලිපියක් ගැනයි.

මේ දවස්වල සනුකගේ අලුත්ම තොරතුරු මොනවාද?
අලුත් නිර්මාණ කීපයක් සඳහා සූදානම් වෙනවා.
 
සනුක වගේම මෑත කාලයේ බිහිවූ බොහෝ නවක ගායකයන් තමන් විසින්ම තමන්ගේ නිර්මාණ කරගැනීම සිරිතක් බවට පත් කරගෙන. මොකක්ද ඒකට හේතුව?
තමන්ටම තමන්ගේ නිර්මාණයක් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් වෙනත් නිර්මාණකරුවන් එක්ක කටයුතු කරනවා නම් විවිධත්වයකින් යුතු නිර්මාණ සඳහා දායකවන්නත් පුළුවන්. මගේ නිර්මාණ මමම කරගන්නවා තමයි. හැබැයි ඉතින් මම නිර්මාණ කරන විට තාත්තගෙනුයි මගේ නිර්මාණවලට හා මට සම්බන්ධ විවිධ අයගෙනුයි අදහස් අහලා ඒ අයගේ අදහසුත් නිර්මාණයට එකතු කරගන්නවා. ඒ වගේම වෙනත් කෙනෙකුගේ හොඳ නිර්මාණයකට වුණත් සම්බන්ධ වෙනවා.
 
සනුකගේ අලුත් නිර්මාණවලටත් ගීත රූප රචනා නිර්මාණය කෙරේවිනේ. ඒ නිසයි මේ ප්‍රශ්නය අහන්නේ. අද වනවිට ගීත රූප රචනා කලාව ප්‍රබලම මාධ්‍යයක් බවට පත්වීමත් එක්ක මෑත කාලයේ ගීත රූප රචනා සඳහා අනවශ්‍ය විදියට නිරුවත හා ලිංගිකත්වය යොදාගෙන තිබෙනවා. මොකක්ද ඒ ගැන ඔබේ අදහස?
මගේ “සරාගයේ” ගීතය සඳහා කළ රූප රචනයේත් ටීනා හා උදාර විසින් යම් යම් සරාගී දර්ශන නිරූපණය කළා. ගීතය ඇහුවම එම දර්ශන එම රූප රචනයට අවශ්‍යයි. ලිංගිකත්වය හා නිරුවත නිර්මාණ සඳහා කලාත්මකව යොදා ගැනීම වරදක් නැහැ. ඒත් එක දිගට රැල්ලක් වගේ එවැනි Video ආවා. එය නම් මම අනුමත කරන්නේ නැහැ. විවිධ සමාජ ප්‍රශ්න නිර්මාණවලින් කතාබහ කරනවා. ලිංගිකත්වය පමණක් නොවෙයි කතා බහ කළ යුතු තවත් දේවල් තියෙනවා.
 
ගායනයට ඇවිත් ජනප්‍රිය වෙලා රංගනයට යොමු වූ අය ඉන්නවා. තමන්ගේ ගීත රූප රචනාවලදී සනුකගේ ඉදිරිපත් කිරීම් දිහා බැලුවම පෙනෙනවා නළුකමටත් සුදුසුයි කියලා.
ටෙලිනාට්‍ය කිහිපයක රඟපාන්න මටත් කතා කළා. ඒත් මම ගියේ නැහැ. රඟපෑම ගැන කිසිම හැදෑරීමක් නැතුව ඊට යොමුවන්න මම කැමති නැහැ. අනික මේ කාර්යබහුලකමත් එක්ක රඟපෑමට කාලය හොයාගන්න අමාරුයි.
 
තවම සනුක විවාහය ගැන හිතුවේ නැද්ද?
ඒකට තව වයස තියෙනවානේ.
 
පෙම්වතියක් තෝරා ගන්නේ මොනවගේ සුදුසුකම් බලලද ?
මගේ සංගීත කටයුතු සාර්ථකව කරගෙන යන්න සුදුසු නිදහස සහ වටපිටාව ඇය තුළ තිබිය යුතුයි. ඊට සහය විය හැකි කෙනෙක්ව තමයි තෝරා ගන්නේ.
 
රූකාන්ත - චන්ද්‍ර‍ලේඛාගේ බාල දියණිය වින්ඩි සනුකගේ පෙම්වතිය බවට කටකතාවක් පැතිරිලා යනවා. ඇත්තද ඒ කටකතාව
ඒ ප්‍රශ්නයට පස්සේ හරි උත්තරයක් දෙන්නම්.

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,612 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,525 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,378 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,305 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,873 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,440 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,228 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,116 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,346 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top