මිනිස්සු වශයෙන් අපි හැමෝම අපේ ශරීරය ගැන උනන්දුයි. මොකද කවුරු වුනත් කැමතී ලස්සනට, තවත් කෙනෙක්ට ප්‍රියමනාප විදියට, ඒ අයගේ ආකර්ෂණය දිනාගන්න විදියට ඉන්න. එහෙම ඉන්නනම් ලස්සන ශරීරයක් තියෙන්නත් ඕනිනේ. ඒත් අපේ අයට තියෙන ප්‍රශ්නේ තමයි මහත වැඩි වීම, එහෙමත් නැත්තම් කෙට්ටු වැඩි වීම.
අද අපි කියන්න යන්නේ ඒ අතරින් තමන්ගේ උදරය ඉදිරියට නෙරා ඒමට හේතු සාධක වෙලා තියෙන කරුණු කීපයක් ගැන. බලන්න ඔයාටත් මේ ගැටලුව තියෙනවද කියලා.
යම් පුද්ගලයෙකුගේ උදරය අනවශ්‍ය ලෙස ඉදිරියට නෙරා ඒම සිදුවීමට හේතු සාධක වන විද්‍යාත්මක කරුණු එකොළහක් විදේශීය වෛද්‍ය කණඩායමක් විසින් මාධ්‍ය වෙත අනාවරණය කරලා තියෙනවා. ඔවුන් පෙන්වා දෙන ආකාරයට සමාන්‍ය එදිනෙදා පුද්ගල ක්‍රියාකාරකම් හා පුරුදු මිට හේතු සාධක වෙනවලු.
ඒ වගේම අපේ විවිධ ආහාර පුරුදුත් මේ විදියට උදරයට ඉදිරියට නෙරා එන්න බලපානවා කියලා තමයි මේ වෛද්‍ය කණ්ඩායම කියලා තියෙන්නේ.
ඒ අතරේ පෙන්නලා දුන්නු කරුණු ටිකක් තමයි මේ...
01. දිනෙන් දින වයසෙන් වැඩි මහලු වීම
02. ව්‍යායාමයෙහි නොදීම
03. රසකාරක යෙදු ආහාර වැඩි වශයෙන් නිතර ආහාරයට ගැනීම
04. තෙල් සහිත ආහාර නිතර ආහාරයට ගැනීම
05. දිනකට යෙදන ව්‍යායාම ප්‍රමාණවත් නොවීම
06. වැරදි ව්‍යායාම ක්‍රම අනුගමනය කිරීම
07. මානසික ආතතිය
08. වැඩි කාලයක් නිදා ගැනීම
09. ශරීර හැඩය ඇපල් ගෙඩියක හැඩයෙන් යුක්ත වීම
10. විවිධ රෝගබාධයන්ගෙන් පෙලීම
11. නිතරම සෘණාත්මකව සිතන පතන පුද්ගලයෙකු වීම
මෙන්න මේ කරුණු ඔයාටත් තියෙනවද බලන්න. එහෙනම් අදම ඒ වැරදි පුරුදු අත් ඇරගන්න බලන්න.. උදරය අනවශ්‍ය විදියට නෙරා ඒමේ ගැටලුවෙන් ඔයාටත් මිදෙන්න පුලුවන් වෙයි.