සංජය දත් කියන්නේ කාලයක් හිංදි සිනමාවේ වීරයෙක් වගේම ප්‍රේමවන්තයෙක්.
90 දශකයේදී සංජය දත් රංගනයෙන් දායකත්වය ලබාදුන් චිත්‍රපට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත්තේ බොලිවුඩ් සිනමාවට ඔහු නැතුවම බැරි චරිතයක් බවට පත්වෙමින්.
නමුත් සංජය දත්ගේ සිනමා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයද ඉහළ නැගීම වගේම දරුණු කඩාවැටීම් වළිනුත් සමන්විත වුණා.
සංජය පිළිබඳ හෙළිදරව්වක් සිදුකරමින් මහේෂ් බාත් නමැති අධ්‍යක්ෂකවරයා ගුවන් විදුලි සංවාදයකදී හෙළිදරව් කර තිබුනේ සංජය දත් කළක් හෙරොයින් නමැති මත්ද්‍රව්‍යට දරුණු ලෙස ඇබ්බැහි වී සිටි බවයි.
මේ ප්‍රකට අධ්‍යක්ෂකවරයා හෙළිදරව් කරන්නේ සංජය දත් ඒ දිනවලදී දවස ආරම්භ කළේ හෙරොයින් පානය කරමින් බවයි.