බොලිවුඩයේ සිනමා තිරයේ ප්‍රේම චරිත අරක්ගෙන සිටින යුවළක් විදිහට ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් හා සුපිරි නළු රන්වීර් සිංග් හදුන්වන්න පුළුවන්. මේ දෙන්නා හොරෙන්ම ලංකාවට ඇවිත් ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගැනීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ දෙන්නා දැන් ලංකාවේ ඉන්න බවත් මාධ්‍ය සදහන් කරනවා. දීපිකාගේ 32 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ (05).
මේ දෙන්නා උපන්දිනය සමරා තිබෙනවා කියලත් කියනවා.