ගැබ්ගත් බව පවසමින් කෑගැසුවත් ඇඳුම් ගලවලා පහරදීලා....
පහරදෙන කාන්තාවකගේ සැමියෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වලා..
කාන්තාවකට තවත් කාන්තාවන් පිරිසක් විසින් අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස පහරදී ඇත්තේ ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවකට බවයි එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මෙලෙස පහරදීමට හේතුව බවට අනාවරණ වී ඇත්තේ ඇය විසින් පහරදීම සිදුකරන කාන්තාවන් අතර සිටින කාන්තාවකගේ සැමියෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම බවයි.
පහරදීම අතරතුර එම කාන්තාව ගැබ්ගත් බව පවසමින් කෑ ගසන ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා.
එහිදී මෙම පහරදීම සිදුකරනු ලබන කාන්තාවන් විසින් එම කාන්තාවගේ ඇඳුම් ද ගලවා නිරුවත් කර පහරදෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
මෙය සිදුව ඇත්තේ චීනයේ දී බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් එම වීඩියෝව පසුගියදා අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වීමත් සමඟයි මේ පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ.