පිරිසක් සමඟ වාහනයක ගමන් ගත් වෙලාවක තමයි නදීෂාට මේ දේ සිද්ධවෙලා තියෙන්නේ. ඇගේ දකුණු කකුළ එකවිටම කිචි කන්නට වූ බවක් දැනිලා වගේම දකුණු කකුළ දිගේ ඉහළට කිසියම් හසුවන යමක් ඇදෙමින් ආ බව ඇය ප්‍රකාශකලා.
එය ඉවසන්නට බැරිම තැන කෑ ගැසූ බවත් එම අවස්ථාවේ කකුළ කූඩැල්ලාගෙන් බේරීමට වාහනය තුළම සියලූම ඇඳුම් උනාදැමීමට සිදුවූ බවත් නදීෂා ප්‍රකාශ කලේ බොහෝම හැඟීම් බරවයි.
කූඩැල්ලෙක් නිසා සිදුවුනු අකරතැබ්බයක් ගැන ඊයේ Hiru TV Copy Chat වැඩ සටහනේදී තමන්ගේ මතකය අවදිකරන විට එහි සිටි අනෙකුත් කලාකරුවක් සිනා සාගරයක ගිලුනා.
කෙසේ නමුත් ඇය ගමනේ ඉතිරි ටික විළි වසාගෙන ගියේ පාන්කඩ සිරුරේ දවටාගෙන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
ඇය සිද්ධිය විස්තර කලේ මෙන්න මේ ආකාරට...
‘මේක ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්නෙ කොහොමද...පුළුවන් විදියට කියමු..මම කණ්ඩායමක් මුණගැහෙන්න ගියා. ඒ අවස්ථාවේ ඉතාමත් අධික ලෙස වර්ෂාව පතිත වුණා. ඉතින් මට ඒ වාහනෙන් බැහැල යන්න සිදුවුණා.ටිකක් දුර යද්දි තව වාහනයක් ඇවිත් මං ඒකෙ නැග්ගා. ඉතින් එහෙම යනකොට ටිකක් කකුළ හරියෙන් කිචි කිචි වගේ..දැනෙන්න ගත්තා. මං හරි අපහසුතාවයට පත්වුණා.
මං බයේ හිටියෙ. මං කූඩැල්ලන්ට හරි බයයි. එහෙම යනකොට දගෙ දකුණු කකුලෙ ඉහළටම වගේ පොඞ්ඩක් අමුතු විදියට කිචි එනවා.මෙහෙම පොඞ්ඩක් අල්ල බැලූව..මෙහෙම අල්ලල බලන කොට කෑල්ලක් හම්බනෙවන මොකක් හරි ඝන කමට වගේ..මං දැනගත්තා දැන් නම් ඉන්නව තමයි කියල..
මේ මොකෙක්ද ඉන්නව මොකෙක්ද ඉන්නව කියල මෙහෙම අල්ලගෙන කෑගැහුව..සර්පයෙක් ආවද දන්නෙත් නෑ කියල වාහනේ ඇතුළෙ අය හිතුවා..ටිකක් වෙලා ගිහාම කවුරුත් නෑ.. ඇඳන් ඉන්න වස්ත්‍රය මට විසික් කරන්න සිද්ධ වුනා.. අන්තිමට මට එළියට යන්න අමාරුයි.ඉතින් පාන්කඩ රෙදි කෑලි වගයක් තිබුණා. ඒවයින් තමා ඇඟ වහගත්තේ
මෙම සිද්ධිය නදීෂා Hiru TV Copy Chat වැඩසටහනේදී කීවේ මෙන්න මේ විදියට...