මීට සති කීපයකට පෙර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප හැකර් ප්‍රහාරයක් නිසා ප්‍රසිද්ධියට පත්වීමේ පුවත ලොවටම ආන්දෝලනාත්මක පුවතක් වුනා.
Apple iCloud වෙත එල්ලවුනු හැකර් ප්‍රහාරය නිසා තමයි මේ විදියට හොලිවුඩ් නිළියන්ගේ සහ බටහිර ගායිකාවන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප මුලු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වුනේ.
මේ හේතූන් නිසාම ඇපල් හි cloud සේවාවන්හි ආරක්ෂාව තර කරන්නට කටයුතු යෙදුවත් නැවතත් හැකර්වරුන් පෙර ලෙසම හැකර් ප්‍රහාරවලට සූදානම් බවයි වාර්තාවෙන්නේ..
වැනෙසා හජන්ස්, ජෙනිෆ් ලෝරන්ස්, කිම් කඩෑෂියන්, මේරි කේට් ඔල්සන්, කේලි කෝකෝ, ඇව්රිල් ලැවින් වැනි බොහෝ පිරිසකගේ නිරුවත් ඡායාරූප මේ ආකාරයෙන් අන්තර්ජාලයට දැනටමත් එක්වී අවසන්.
මෙම ඡායාරූප ප්‍රසිද්ධියට පත්කල වෙබ් අඩවිය අධික පිවිසුම් නිසාවෙන් බිඳවැටී ඇතත් එහි අදාළ සබැඳියන් පෙන්වීමට හැකර්වරුන් කටයුතු යොදා තිබෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇතැම් නිලියන් දැනටමත් අැමරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය (FBI) වෙත පැමිණිලි ගොනුකොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.