දෙමව්පියන්ගේ සිහින සැබෑ කරමින් ප්‍රථම වරට දරුවන්ගේ බුද්ධියට ප්‍රණාම පුදමින් පස්වන පරම්පරාවේ ටෙලිවිෂන් ආගමනය ‘‘හිරු නැණ කිරුළ“ වැඩසටහනේ අවසන් මහා තරගය ඊයේ පස්වරු 5.55 සිට හිරු ටී.වී ඔස්සේ විකාශය වුණා.
‘‘හිරු නැණ කිරුළ“ වැඩසටහනේ තරඟ වට කිහිපයක් අතරින් අවසන් මහා තරඟයට අති දක්ෂයින් 4 දෙනෙකු තේරී පත් වුණා.
ඒ අනුව ඊයේ (31) පැවැත්වුණු ‘‘හිරු නැණ කිරුළ“ අවසන් මහා තරඟයෙදී එම දක්ෂයින් හතර දෙනා අතරින් බානුක කුමාර ප්‍රථම ස්ථානයත් දිනාගත් අතර මහිමා කෞමදී දෙවන ස්ථානයත් දුල්වන් ලක්මුතු තුන්වන ස්ථානයත් ලබා ගත්තා.
‘‘හිරු නැණ කිරුළ“ වැඩසටහනේ ප්‍රථමයා වූ බානුක කුමාරට රුපියල් ලක්ෂ 15 ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්වය හා හිරු නැණ කිරුළ කුසලානය ආසියානු මාධ්‍යජාලයේ අධ්‍යක්ෂක ,ප්‍රධාන විධායක නිලධාරී වින්සන් සිල්වා මහතාගේ සුරතින් පිරිනැමුණා.
එසේ දැනුමින් සටන් වැද බානුක කුමාර දිනාගත් රුපියල් ලක්ෂ 15 ක ශිෂ්‍යත්වය සිය කැමැත්තෙන්ම එම තරඟයේම ශිෂත්වයක අවශ්‍යතාවය පවත්නා දරුවන් දෙදෙනකු වෙත පිරිනැමීමද විශේෂත්වයක් වුණා.
සම්පූර්ණ වීඩියෝව
මෙතනින් බලන්න